ක්‍රීඩකයන් හෙළුවෙන් ක්‍රීඩා පිටියට යවන ශ්‍රී ලංකා ක්‍රිකට් මාකටින් ඔස්තාර්ලා
මේ දවස් වල ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් විදෙස් රටවල සංචාර කිහිපයක නිරත වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම පාකිස්තානය සමග පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක නිරත වන අතර කාන්තා නැගී එන පිල හා ශ්‍රී ලංකා පිරිමි නැගී එන පිලත් සංචාර වල නිරත වෙනවා. අවුරුදු 19 න් පහළ හා 17 න් පහළ කණ්ඩායම් දෙකත් සංචාරවල නිරත වුණා.
මේ සියලු කණ්ඩායම් වල ක්‍රීඩකයන්ගේ ඇඳුමේ හිස් බවක් තිබුණා. ඒ තමයි අනුග්‍රාහක ලෝගෝවක් නැති කම.
මේකෙන් පේන්නෙ අපේ ක්‍රිකට් පරිපාලනේ හොඳ කමයි.
ක්‍රිකට් ආයතනයේ අලෙවිකරණය සඳහා ( Marketing ) වෙනම අංශයක් තියෙනවා එහි ඉහළ වැටුප් ලබන කළමනාකරුවෙක් හා කාර්යමණ්ඩලයක් තිබෙන අතර ඔවුන්ගේ රාජකාරිය වන්නේ ක්‍රිකට් අලෙවි කොට ආයතනයට ප්රතිලාභ ගෙන ඒමයි.
ජාතික පිලට අනුග්රාහකයන් සෙවීමත් තරගාවලි සඳහා අනුග්රාහකයන් සෙවීමත් මොවුන්ගේ ප්‍රධාන රාජකාරියයි.
පසුගිය වසර කිහිපය තුළ මොවුන්ට අනුග්රාහකයන් ලෙස ලබා ගත හැකිව තිබෙන්නේ බෙටින් සමාගම් කිහිපයක් පමණයි.
රට තුළ කොතෙකුත් පිළිගත් සමාගම් තිබියදී ක්‍රිකට් වලට අනුග්රාහකයන් උනන්දු නොවීමද මීට එක් හේතුවක් වුණත් මෙම අලෙවිකරණ අංශයේ උදාසීනත්වයද මීට බෙහෙවින් බලපා තිබෙනවා.
රටේ ප්‍රශ්න කප්පරක් මැද ක්‍රිකට් ගහන ඇෆ්ගනිස්ථානයටත් ක්‍රිකට් කණ්ඩායමට පවා එකවර අනුග්රාහකයන් දෙන්නෙක් සිටියදී අපේ කණ්ඩායමට අනුග්රාහකයකු සොයා ගන්න නොහැකි වීම සැබැවින්ම ලජ්ජාවට කරුණක්.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනන්නටත් පෙර ලක්ස්ප්‍රේ, හැට්නා, කොකා කෝලා, වැනි අනුග්රාහකයන් ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලි වලටද අනුග්රාහකයන් ලෙස ඉදිරිපත්වී සිටියත් කලක පටන් එම තරගාවලි සියල්ල පවත්වන්නේ ක්‍රිකට් අරමුදලේ වියදමිනි. ක්‍රිකට් අලෙවි කර ගැනීමට නොහැකි අලෙවිකරණ අංශයක් කුමකටදැයි ක්‍රිකට් පරිවර්තන කමිටුවෙන් අපිට විමසන්න වෙනවා.


No comments