තමන්ට අවශ්‍ය දේ ක්‍රිකට් වල සිදු නොවීම ගැන ක්‍රීඩා ඇමති කනස්සල්ලෙන්
මාලිමා රජයේ ක්‍රීඩා ඇමති කියන්නේ සුනිල් කුමාර හෙවත් පතෝල කුමාර බව අපි කියන්නෙ බොහෝ කාලෙක ඉඳලයි. යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමු ගන්න බව නිවේදනය කරද්දි කීවේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඔහුට ලැබෙන සහයෝගය ගැන කනස්සල්ලෙන් යුතුව එම තීරණය ගත් බවයි.
සුපුන් කියන්නෙ ලංකා ඉතිහාසයේ මොන තරම් කෙට් දුර ධාවන වැඩ්ඩො හිටියත් මීටර් 100 තත්පර 10 ට අඩුවෙන් දුවපු එකම ක්‍රීඩකයායි.
හරි ක්‍රීඩා ඇමතියෙක් නම් කළ යුතුව තිබුණේ තම නියෝජ්‍ය ඇමතිවරයා ද සමග යුපුන් අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමයි.
ඒත් මේ උද්දච්ච ඇමතිවරයා කළේ පහුවදා මාධ්‍ය අමතමින් උඹට ඕනෙ නම් නැවතියන් අපිට මොකෝ වැනි කියමනකින් යුපුන්ට පිළිතුරු දීමයි.
ඒ ඒ පදක්කම් වල මට්ටම හා අගය කුමක්දැයි නොදන්නා මේ ක්‍රීඩා ඇමතිවරයා කුමක් හෝ දකුණු ආසියාතික ( රග්බි, කරාතේ ) පදක්කමක් දිනා ගතහොත් එය මහමෙරක් ලෙස සලකන අන්දමේ මැටි මෝලෙක් බව ක්‍රීඩකයන් පවසනවා.
එනිසා යුපුන්ගේ සමු ගැනීමේ සිද්ධියේදී ඔහුගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකියි.
යුපුන්ගේ ප්‍රශ්නය ඔහු සමග සාකච්ඡා කොට මීට වඩා යථාර්ථවාදී ලෙස විසඳන්න හැකියාවක් තිබුණත් මේ උද්දච්ච ඇමතිට එවැනි හැකියාවක් නොමැති බව කිව යුතුයි.
ක්‍රිකට් ප්‍රශ්නයේදීත් මොහු ජනාධිපතිවරයා ඉදිරියේ පඹයෙක් නොවන්නට අපූරු අතුරු කමිටුවක් මොහු විසින් පත් කරන්නට තිබුණා.
අපට වාර්තා වන අන්දමට මොහුට අවශ්‍ය පුද්ගලයන් පත් කරන්නට ලැබුණේ නම් හිටපු ෂම්මි කමිටුවේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද හා උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත අනිවාර්යයෙන් ඊට ඇතුළත් වන්න ඉඩ තිබුණා.
ඒ ඔවුන් දෙදෙනාම මොහුගේ ඩ්‍රින්කින් පාට්නර්ලා වීම නිසයි.
එසේ වූයේ නම් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වන්නට තිබුණා.
හොරුන් ඉවත් කර ඒ හොරුන්ම නැවත පත් කිරීමේ පතෝල කුමාරගේ කූඨ උත්සාහය නිෂ්ඵල වුණේ එම තීරණ සියල්ල ජනාධිපති කාර්‍යාලයෙන් සිදු කෙරුණු නිසයි.
මේ නිසා කපන්න බැරි වූ අත ඉඹින්නාක් මෙන් පරිවර්තන කමිටුව සමග වැඩ කළත් පතෝල ඇමතිවරයා ඉන්නේ කනස්සල්ලෙන් බව වාර්තා වෙනවා.
ලංකා ප්‍රිමියර් ලීගයේ හිමිකරු වන ලෝක කපටියකු වන අනිල් මොහාන්ගේත් ගජ මිතුරකු බවට පත්ව සිටින පතෝල කුමාර ඇමතිවරයා එහි බෙටින්ග් සමාගම් වල ආදිපත්‍යය නොදැක්කා මෙන් සිටීම තවත් විශේෂ කාරණාවක්.
බොහෝ දෙනෙක් මේ ලංකා ප්‍රිමියර් ලීගය දැන් හඳුන්වන්නේ ලංකා බෙටින්ග් ලීගය ලෙසයි. තවත් සමහරු එය ලංකා ප්ලාස්ටර් ලීගය ලෙසත් හඳුන්වන්න පටන් අරන්. ඒ තම හිමිකරු අත් අඩංගුවට පත් වීමත් සමග තම ඇඳුම් වල ඔහුගේ බෙටින් අනුග්‍රාහක ලාංචන ප්ලාස්ටර් වලින් වසාගෙන ක්‍රීඩා කරන නිසයි.
සබැඳි පෙර ලිපි
අනිල් මොහාන්ගේ ලංකා බෙටින්ග් ලීගය තව දුරටත් ලීගල්ද?
ක්‍රිකට් හොරකම් රැසක් ඉදිරියේ හෙළිදරව් වන ලකුණු!

No comments