Monday, July 13, 2026

ක්‍රිකට් හොරකම් රැසක් ඉදිරියේ හෙළිදරව් වන ලකුණු!


හිටපු ක්‍රිකට් පරිපාලකයන්ට එරෙහිව මේ වන විට 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 41 වැනි වගන්තිය පරිදි AC/0911/2026 දරණ පරිශීලන අංකය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් මේ වන විට ආරම්භ කර ඇති විමර්ෂණයේ අවධානයට ලක් වියම යුතු කරුණක් මේ වන විට සියලුම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.


ඒ තමයි 2023 සිට 2025 දක්වා විවිධ නඩු කටයුතු සඳහා නීතිවේදීන්ට ගෙවා ඇති මිලියන 680 ක අති විශාල මුදල් කන්දරාව.


මේ මගින් බොරු නඩු පවරා ඇති ආකාරයත් ඒ වෙනුවෙන් තෝරා ගත් නීතිවේදීන් පිරිසකට කෝටි ගණනක් ගෙවා ඇති අන්දමත් ඔවුන් ඒ සඳහා රජයට බදු ගෙවා තිබේද යන්නත් සොයා ගත හැකියි.


හිටපු නිලධාරීන්ට නඩු පවරා මෙවැනි මුදල් අවභාවිතාවක් පිළිබඳ හිරේ යැවීමට මෙය හොඳටම ප්‍රමාණවත් බව lankasportsnews කියන්නේ වගකීමෙන්.

මෙම ගෙවීම් සඳහා අවසන් අනුමැතිය දුන් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාටත් අනුන්ගේ සීනි කිරන්නට ගොස් අවසානයේ වැලිකඩ යාමට සිදුවනු වැළැක්විය නොහැකියි.


බලය අවභාවිතා කොට ශ්‍රීමාල් එන්ටර්ප්‍රයිස් නම් ආතතනයට ගෙවා ඇති අති විශාල මුදල, නාමික පිරිසිදු කිරීම් ආයතනයකට ගෙවා ඇති මුදල, කැෆේ 77 නම් කේටරින් ආයතනයට ගෙවා ඇති මුදල, සනත් ජයසූරියට ගෙවා ඇති මුදල, ඉදි කිරීම් හා ප්‍රවාහන කටයුතු සඳහා එකම ආයතනයකට ගෙවා ඇති අයුරු, ක්‍රිකට් භාණ්ඩ මිළදී ගැනීම සඳහා එකම ආයතනයකට ගෙවා ඇති අන්දම, උතුරු මැද පළාත ඇතුළු ඇතැම් පළාත්වල පැති තණතීරු ඉදිකිරීම සඳහා ගෙවන ලද මුදල , එකම පෞද්ගලික විගණන ආයතනයක් මගින් සිදු කර ඇති විගණන කටයුතු, මේ දිනවල විගණනයට හා විමර්ෂණයට භාජනය වෙමින් පවතින බව වාර්තා වෙනවා.


මේ සියලු කටයුතු සිදු වන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා විසින් ගන්නා ලද අභීත පියවර නිසා බව කිව යුතුයි.


ක්‍රිකට් වල මෙතරම් දූෂණ සිදු වද්දී ඒවා හෙළිදරව් කළ ක්‍රීඩා ඇමතිවරයකුද ගෙදර යැවූ ජනාධිපතිවරුන් සිටියදී අනුර කුමාර ජනාධිපතිවරයා විසින් උපක්‍රමශීලීව සිදු කරන ලද පියවර හේතුවෙන් දවසෙන් දවස මෙම දූෂණ ජනතාවට හෙළිදරව් වෙමින් පවතිනවා. ජනතා මුදල් තම පෞද්ගලික බූදලයක් ලෙස සලකා අවභාවිතා කළ සියලු දෙනා අධිකරණය හමුවට ගෙන්වන දිනය ගැන රටම බලා සිටින බව කිව යුතුයි.


සබැඳි පෙර ලිපි

ෂම්මිලාට එරෙහි පැමිණිලි ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි


විවේචකයන් මඬින්න නඩු වලට පමණක් ෂම්මිලා කෝටි 68 ක් වියදම් කරලා



No comments:

Post a Comment