කොහොමත් යවන්න හිටපු සනත් යන බව කලින්ම කියයි
පෙබරවාරියේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිලේ පුහුණුකාර කමෙන් ඉල්ලා අස්වෙන බව පසුගියදා සනත් ජයසූරිය පවසා තිබුණා. සනත් ජයසූරිය මෙසේ කියන ලද්දේ කොහොමත් ලෝක කුසලාන තරගාවලියෙන් පසු ෂම්මි සිල්වා ඔහුගේ කණින් ඇද එළියට දමන බව දන්නා නිසයි.
ඇෆ්ගන් පිලේ පුහුණුකරු ජොනතන් ට්‍රොට් ඇතුළු විදෙස් පුහුණුකරුවන් කිහිප දෙනකුගෙන්ම ශ්‍රී ලංකා පිලේ පුහුණුකාර කම භාර ගන්නා ලෙස ෂම්මි සාකච්ඡා කරමින් සිටියේ කලක සිටයි.
ඒ සනත් ජයසූරිය සනත් කුඹුරුසූරිය ලෙසින් නමක් පටබැඳ ගනිමින් සිටියදීයි.
සනත් ජයසූරිය දක්ෂ ක්‍රීඩකයකු වුණත් දක්ෂ පුහුණුකරුවකු නොවන බව ෂම්මි ඇතුළු ක්‍රිකට් විධායක සභාව තේරුම් අරන් සිටින බව සනතුත් හොඳින් දන්නා කරුණක්.
සනත්ට කෝචින් බැරි බව චරිත් අසලංක විසින් ෂම්මිට දන්වා තිබෙන බව දැන ගත් සනත් වහාම ඔහු කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන්නට සැළසුම් කළ බව lankasportsnews වාර්තා කරන්නේ වගකීමෙන් යුතුවයි.
සනත් හමුවේ රූකඩයක් බවට පත්ව සිටි උපුල් තරංග හිටපු තේරීම් කමිටු සභාපති ලවා තම සැළසුම ක්‍රියාත්මක කළ සනත් ඔහුට දිරවන්නේ නැති අසිත ප්‍රනාන්දුත් උපුල් ලවාම කණ්ඩායමෙන් එළවා ගත්තා.
ඩුබායිහි දස්කම් දක්වමින් සිටි ක්‍රීඩකයන් වහාම මෙහි ගෙන්වා ගැනීමටද සනත් කටයුතු කර ඇත්තේ පෞද්ගලිකව ඔවුන් මුදල් හම්බ කිරීමට ඇති ඊර්ෂ්‍යාව නිසා බවද වාර්තා වෙනවා.
මසකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැටුප ලෙස ලබා ගන්නා සනත් ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ කාල සීමාව තුළ ජයග්‍රහණ වලට වඩා ලැබුවේ පරාජයන්.
සනත් පුහුණුකරු තනතුරට නුසුදුස්සකු වන්නේ පුහුණුව ඔහුට බැරි නිසා පමණක් නොවෙයි.
වසර දෙකක් අයිසීසිය විසින් තහනම් කර සිටි අයකු හැටියටත් ඔහුට එම තනතුර දරන්න නොහැකියි.
පතෝල ක්‍රීඩා ඇමතිවරයා විසින් ගෙනෙන ලද ක්‍රීඩා පනත් සංශෝධනය අනුව සනත්ට මාතර දිස්ත්‍රික් සංගම් සභාපති කමත් ක්‍රිකට් පුහුණුකරු තනතුරත් දරන්න බැහැ.
සනත්ට විරුද්ධව අයිසීසිය මගින් ගොනුකළ චෝදනාව වූයේ ඔහු මීට පෙර තේරීම් කමිටු සභාපතිලෙස කටයුතු කරද්දී කණ්ඩායමේ තේරීම් ලීක් කළ බවයි.
දැනුත් සනත් ඒ දෙයම සිදු කරන්නේ තම මාධ්‍ය සගයා වන අසාම් අමීන් වෙත කණ්ඩායමේ වෙනස් කිරීම් හොරෙන් ලබා දීමෙන්.
ඒ නිසා සනත් පුහුණුකරු ධූරයෙන් ඉවත් වන බවට කරන ලද දැනුම් දීම ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනකුගේ සතුටට හේතුවූ බව සමාජ ජාලා තුළ සංසරණය වූ කමෙන්ට්ස් මගින් ඔප්පු වෙනවා. අද දඹුල්ලෙන් ඇරඹෙන පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ජය ගන්න කොහොම වුණත් සනත්ට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ පාකිස්තානු පිල මෙහි පැමිණ ඇත්තේ ඔවුන්ගේ දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනකු නොමැතිව නිසයි.

No comments