• Breaking News

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ශ්‍රී ලංකා ක්‍රිකට්


    මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියෙන් උජාරුවෙන් යුතුව පල කළ පෝස්ටුවක්. 2025/2026 ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය ගිය සති අන්තයේ ඇරඹුනු බව කිව්වත් මේ ක්‍රීඩා සමාජ සියල්ලම මෙවර තරගාවලිය ආරම්භ කරන්නේ සම්ප්‍රදායික ලෙස තරගාවලිය ආරම්භ කිරීමට පෙර ක්‍රිකට් ආයතනයෙන් එම ක්‍රීඩා සමාජ වලට ලබා දෙන මුදල නොමැතිව බවත් සඳහන් කළා නම් හොඳ බව lankasportsnews වෙත අදහස් දැක්වූ ක්‍රීඩා සමාජ රැසක නිලධාරින් පවසා සිටියා.


    ක්‍රීඩකයන්ට ගෙවීම්, තරග හා පුහුණුව සඳහා අධික වියදමක් දරන්නට සිදු වන බැවින් මුදල් නොමැතිව තව දුරටත් ක්‍රීඩා කළ නොහැකි බවත් ඔවුන් පැවසුවා.


    වසර තුනකින් සේවකයන්ට වාර්ෂික වැටුප් වැඩි කිරීම් කර නොමැති ක්‍රිකට් ආයතනය මෙවර සේවක බෝනස් මුදලද නොගෙවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. එසේ වුවත් නඩු හබ වෙනුවෙන් ඔවුන් නීතිඥ ගාස්තු ලෙස කෝටි ගණනක් ප්‍රසිද්ධ නීතිඥ වරු කිහිප දෙනකු අතරේ බෙදා දෙන්නේ කිසිම ලෝබ කමක් නැතිව බව එක් සේවකයකු අපට පැවසුවා.


    ක්‍රීඩා සමාජ දීමනා නොගෙවන ක්‍රිකට් බලධාරීන් රජයෙන් ලකුණු දමා ගැනීමට ගිය සතියේ කෝටි 30 ක් ආපදා අරමුදලට පරිත්‍යාග කිරීම හරියට ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වැනි ක්‍රියාවක් ලෙසයි lankasportsnews දකින්නේ.



    No comments