Lankasportsnews හෙළිදරව්ව නිසා ක්‍රීඩා සමාජ වලට මුදල් ලැබෙයි - සේවකයන්ට බෝනසුත් ගෙවයි
ලංකාවේ මාධ්‍ය ආයතන කොපමණක් තිබුණත් ක්‍රිකට් හා පාපන්දු වල දූෂණ පතෝල කරලක් වැනි ක්‍රීඩා ඇමති ගැන කිසිදු සඳහනක් නොකරද්දී ගවේෂනාත්මක මාධ්‍යයක් හැටියට lankasportsnews වෙබ් මාධ්‍යය පළ කළ " ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ ශ්‍රී ලංකා ක්‍රිකට්" යන ලිපිය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ වලට වහාම ගෙවීම් සිදු කරන්න තීරණය කර තිබෙන බව අප සතුටෙන් වාර්තා කරනවා.
නීතිඥයන්ට කෝටි ගණන් ගෙවද්දී ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට මෙවර බෝනස් පවා නොගෙවීමට තීරණය කර ඇති බවත් අප එම ලිපියේ සඳහන් කළා.
ඉන්පසු එම තීරණය නැවත සළකා බලා ලබන සතියේ බෝනස් ගෙවීමටත් ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.
වග කිව යුතු මාධ්‍යයක් හැටියට අපගේ වාර්තාකරණය නිසා ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ වලට හා සේවකයන්ට සාධාරණයක් ඉටු වීම ගැන අපට ඇත්තේ බලවත් සතුටක්.
එහෙත් ක්‍රිකට් ආයතනය තුළ සිදු කෙරෙන වංචා හා දූෂණ හෙළිදරව් කිරීමේ කටයුත්ත අප දිගටම නොබියව සිදු කරන බව කිව යුතුයි.
ක්‍රිකට් ආයතනයේ පඩි ලැයිස්තුවේ සිටින සියලුම මාධ්‍යවේදීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ජරාවට තම වෘත්තිය පාවා නොදී ක්‍රීඩාවට අරක් ගෙන සිටින දූෂිතයන් පලවා හැරීමට අප හා එක්වෙන ලෙසයි.
පෙර ලිපිය
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ශ්‍රී ලංකා ක්‍රිකට්

No comments