මැරෙන කල් දාල නොයන ට්‍රික්සි නොමැති නෙට්බෝල් නිලවරණය 22 දා
ට්‍රික්සි නානායක්කාර කියන්නෙ නෙට්බෝල් ක්‍රීඩාවේ ලේසියෙන් එළව ගන්න බැරි අජූතම චරිතයක්. මේ වෙනකොට වයස අවුරුදු 80 ත් පැනල වුණත් නෙට්බෝල් පරිපාලනයේ අරක් ගෙන හිටියේ නෙට්බෝල් කියන්නෙ තමන්ගෙ පෞද්ගලික බූදලයක් කියල හිතාගෙනයි.
හැම නිලවරණයකම පාර්ශ්වයක ඉන්න ට්‍රික්සි තමන් පරිපාලන පැත්තේ හිටියත් විරුද්ධ පැත්තේ හිටියත් කාටවත් වැඩක් කරන්න දෙන්නෙ නැති කරදරකාරියක් හැටියට ප්‍රසිද්ධයි.
මේ පාර නිලවරණයටත් ඇය සභාපති වෙන්න ඉදිරිපත් වුණත් තාක්ෂණික දෝෂ මත ඇයගෙ නාම යෝජනාව නිලවරණ කමිටුව මගින් ප්‍රතික්ෂෙප කරලා.
ඒත් නෙට්බෝල් ක්ෂේත්‍රයේ කටු අත්ත නමින් ප්‍රසිද්ධ ට්‍රික්සි තවමත් නෙට්බෝලයේ එල්ලී සිටීමේ ප්‍රයත්නය අතහැර නොමැති බවයි lankasportsnews වෙත වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ට්‍රික්සි විසින් ඉදිරිපත් කර සිටින ඩමියක් මේ මස 22 පැවැත්වෙන නෙට්බෝල් නිලවරණයේ සභාපති පුටුවට තරග කරනවා. මේ ඩමිය තරග වදින්නේ හිටපු උප සභාපතිනියක වන වජිරා නෙත්තිකුමාර සමගයි.

No comments