පිරිමි ක්‍රිකට් වගේම දූෂිත කාන්තා ක්‍රිකට් සෙට් අප් එක
සනත් ජයසූරිය ගැන අපි කරපු හෙළිදරව්ව ලක්ෂ ගණනක් අතරට ගිහින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනෙක් අප අමතමින් කීවේ අපේ රටේ මාධ්‍ය ක්‍රිකට් හොරුන්ට සුදු හුණු ගාද්දී lankasportsnews හොරුන්ගේ හෙළුව හෙළිදරව් කරමින් කරන මෙහෙය අගය කරන බවයි. අපව විශ්වාස කරන ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් වෙනුවෙන් දිගටම මෙවැනි හෙළිදරව් කිරීම් ඉදිරියේත් නොකඩවා අප සිදු කරන බව කියන්න කැමතියි. අද අප හෙළිදරව් කරන්නේත් එවැනි කතාවක්.
අපේ කාන්තා ක්‍රිකට් කියන්නේත් එකම අසූචි වළක් බව කියන්නේ කනගාටුවෙන්.
හොඳට නරකට දෙකටම කටමය කියන්නාක් මෙන් අපේ කාන්තා ක්‍රිකට් මට්ටම ඉහළ දමන්නට නායිකා චමරි අතපත්තු ක්‍රියා කළද මේ වන විට ඇයගේ ආදිපත්‍යය හේතුවෙන් කාන්තා ක්‍රිකට් නැවත හිටපු තැනටම යන ලකුණු පහළ වී තිබෙනවා.
පුහුණුකරුවන් හා තේරීම් කමිටුව අද සිදු කරන්නේ ඇයට ඕනෑ දේ බවත් ඇය ඉන් උපරිම ප්‍රයෝජන ගනිමින් තම ෆේවරිට්ලා කණ්ඩායමේ තබා ගන්නා බවත් වාර්තා වෙනවා.
ජ්‍යේෂ්ඨ මෙන්ම කනිෂ්ඨ කණ්ඩායම් තුළත් සමරිසි කණ්ඩායම් ප්‍රබල සාධකයක් බවට පත්ව තිබෙනවා. 19 න් පහළ කණ්ඩායමේ තරුණ අභ්‍යාසකවරියක් මේ හේතුවෙන් ඉවත්ව යාමක්ද සිදු වුණා. 19'න් පහළ කණ්ඩායමේ විනයද අන්තිම බවයි වාර්තා වන්නේ.
කාන්තා කණ්ඩායමේ නිලධාරිනියක් ක්‍රීඩිකාවන් ලවා ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි ලබා ගෙන කරන බිස්නස් එකක් ගැන අප මීට පෙර හෙළිදරව් කළත් ඇය තවමත් ක්‍රීඩිකාවන්ගේ අලුත් ඇඳුම් ගෙදර සඟවා තබා ගනිමින් සුපුරුදු ලෙස එහි කටයුතු කරමින් ඉන්නවා.
කාන්තා කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක දැන් වයස් ගතයි. අමතක වීමේ රෝගයකිනුත් පෙළෙනවා. ඔහු ඉන් ඉවත් කළත් හයි පර්ෆෝමන්ස් නම් අනාථ මඬමට තල්ලු කරන්නට යෙදුනා.
මීට පෙර 19 න් පහළ කණ්ඩායමේ සහාය පුහුණු කරුවකු ලෙස කටයුතු කරද්දී ප්‍රධාන පුහුණුකරුගේ කකුලෙන් ඇද ඔහුගේ බෙල්ල කැපීමට කටයුතු කිරීම නිසා එළවා දැමූ සම්පත් පෙරේරා නැවත කාන්තා ඉමර්ජින් පිලේ පුහුණුකරු බවට හාස්කමකින් පත්ව දැන් රුමේෂ් රත්නායක ඉවත් කළ පසු තාවකාලික පුහුණුකරු ලෙස චමරිගේ පිල සමග සංචාරයකට යනවා.එය පර්මනන්ට් කර ගන්න ඔහු නොකරන දෙයක් නොමැති වුණත් මෙම සංචාරයෙන් පසුව කාන්තා පිලට විදෙස් පුහුණුකරුවෙක් ගැනීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා.
දහ නමයෙන් පහළ පිලේ පුහුණුකරු වන මහේෂ් නමැත්තාත් ඊළඟ කාන්තා යොවුන් කුසලාන තමන් ලංකාවට ගෙන එන බවට පාරම් බාමින් ෂම්මිලා ඇන්දවීම ජයටම සිදු කරන බවත් වාර්තා වෙනවා.
ඔහු 19 න් පහළ පිලට ඩිල්ෂාන්ගේ දියණිය පස්සා දොරෙන් ගෙන ආ අන්දමටම කාන්තා තේරීම් කමිටු ප්‍රධානී සම්පත් ලවා තම දියණිය ඕස්ට්‍රේලියාවේ සිට මෙහි ගෙන්වා කාන්තා ඉමර්ජින් පිලට රිංගවා තිබෙනවා. මේ කතා වලින් හෙළි වන්නේ පිරිමි කණ්ඩායමේ වගේම කාන්තා කණ්ඩායමේත් තිබෙන්නේ එකම අසාධාරණකම් බවයි. කරුණු මෙසේ තිබියදී අපේ ක්‍රිකට් දියුණු කරන්නේ කොහොමද යන්න අපට තිබෙන ගැටළුවයි.

No comments