ඉන්දීය දෙවන පෙළටත් පරදින අපේ කාන්තා ක්රිකට් පිල
ඉන්දියාවට ගිහින් ලෝක ශූරියන් වුණු ඉන්දීය පිල සමග පැවැත්වූ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඊයේ නිමාවට පත් වුණේ තරග 5 - 0 ක අන්ත පරාජයක් අපේ කාන්තා ක්රිකට් පිලට අත් කර දෙමින්. මේ තරග වලදි ඉන්දීය කෙල්ලො අපේ පන්දු යවන්නියන්ට නෙළුවෙ ඔවුන් තඹ සතේකට මායිම් නොකරයි.
අපේ කෙල්ලන්ගේ හා ඔවුන්ගේ ක්රිකට් අතර පරතරය මේ තරග වලදි කොහොමට කැපී පෙනුනද කිව්වොත් අවසන් තරගෙට ඉන්දීය තේරීම් කමිටුව යෙදෙව්වෙ දෙවන පෙළ කණ්ඩායමක්. ඒත් ඔවුන්ගෙ ඒ කණ්ඩායම පරාජය කරන්නවත් අපේ කෙල්ලන්ට බැරි වුණා.
මේ තරගාවලිය තුළින් පෙන්නුම් කළේ ලංකා කාන්තා ක්රිකට් පිලේ වන් වුමන් ෂෝ එක බවට පත්ව සිටි චමරි අතපත්තුගේත් කාලය අවසන් වී ඇති බවයි.
තිස් පස් හැවිරිදි චමරිගේ ශාරීරික යෝග්යතාවද දැන් පිරිහී ගෙන යමින් පවතින බව පිටිය මැදදී හොඳින් පෙනෙනවා.
ක්රිකට් ආයතනය විසින් කාන්තා ක්රිකට් ප්රගමනය වෙනුවෙන් කියමින් තනතුරු රැසක් නිර්මාණය කර තිබුණත් ඒ සියල්ල සුදු අලි බවට පත් වෙලා තිබෙන බව lankasportsnews කියන්නේ වගකීමෙන් යුතුවයි.
පසුගිය නිලවරණයේදී කාන්තා ක්රිකට් සංවර්ධනයටම විධායක සභාවේ අලුත් තනතුරක් නිර්මාණය කරමින් බදුල්ලේ සජබ සංවිධායකවරයකු වන බගීදරන් නමැත්තෙකුත් පත් කරනු ලැබුවා.
කාන්තා පුහුණුව වෙනුවෙන් යොදා ඇති පුහුණුකරුවන් සියලු දෙනා දැන්වත් ඉවත් කළ යුතුයි.
අමතක වීමේ රෝගියකු හෙඩ් කෝච් ලෙසත් ආබාධිත මහළු පුද්ගලයකු කන්සල්ටන්ට් ලෙසත් දිස්ත්රික් පුහුණුකරුවන් දෙදෙනකු පිතිකරණ හා පන්දු රැකීමේ පුහුණුකරුවන් ලෙසත් කටයුතු කළා හොඳටම ඇති බව ඉන්දීය සංචාරයෙන් ඔප්පු වෙනවා.
ටුවර් වලට නොවරදවාම නිලධාරිනියක් ලෙස යමින් ක්රීඩිකාවන් ලවා ඩියුටි ෆ්රී එකෙන් විස්කි අරන් බිස්නස් කරන අයකු හා කළමනාකරු ලෙස පොලිස් ලොක්කකු තබා ගැනීමෙන් සිදු වන ප්රගතිය කුමක්ද යන්නත් ඉන් ක්රිකට් කණ්ඩායමේ විනය හැදෙන තරම ගැනත් ෂම්මිලා සිතා බැලිය යුතුයි.
සනත් ජයසූරිය ඒකාධිපති වියරුවෙන් පිරිමි කණ්ඩායම විනාශ කරමින් තිබියදී චමරිලා රොමේෂ්ලා එක්ව කාන්තා පිලත් වළපල්ලට යවමින් තිබෙන බව lanksportsnews නැවතත් කියන්නේ වගකීමෙන් යුතුවයි. මෙතෙක් lankasportsnews කී දෙයක් වැරදිලා නැති බව අපගේ පුවත් දිගින් දිගටම ෆලෝ කරන අයට අමුතුවෙන් කිව යුතු නැහැ.

No comments