• Breaking News

    වරාය ඒස් කැපිටල් කර කෝටි ගණනක් මුදල් වංචා කළ අපෝන්සු කෝප් කමිටුව අන්දයි


    ලංකාවෙ ක්‍රිකට් බෝඩ් එකේ රිංගන් එලවගන්න බැරිව ඉන්න කම්බ හොරු, නීල කාස හොරු අතර ඉන්න  තවත් කම්බ හොරෙක් තමයි නලින් අපෝන්සු කියන්නේ. පහුගිය සුමානෙ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කෝප් කමිටුවට ගෙන්නපු අවස්ථාවේ වරාය අධිකාරියේ මානව සම්පත් කළමනාකරුවකු ලෙස සේවය කරන ගමන් වරාය අධිකාරියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය ඒස් කැපිටල් නමින්  වෙනත් සමාගමකට විකිණීම පිළිබඳව ප්‍රශ්න කරන්නට නලින් අපෝන්සුව කැඳවා තිබුණා.


    ඒත් කෝප් කමිටු සභාපතිවරයාවත්  විගණකාධිපති වරයාවත්  මේ වංචාව ගැන නොමග යවන අයුරින් උත්තර දීමට මෙහිදී මේ කම්බ හොරාට හැකි වුණා. 

     

    හරිහැටි උත්තර බැඳීමට කල් ලබා දෙමින් මාස දෙකක් ඇතුළත නැවත වරාය අධිකාරිය යළි කෝප් කමිටුව වෙත කැඳවන්න මෙහිදී තීරණය කෙරුණා.


    Lankasportsnews වෙත වාර්තා වෙන අන්දමට වරාය අධිකාරියේ වත්මන් සභාපති සිරිමෙවන් රණසිංහත් කුමක් හෝ හේතුවකින් මේ කම්බ හොරාව බේරා ගැනීමට කටයුතු කරනවා. 


    මෙම හේතුවත් ඉදිරියේදී අප හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා.


    වරාය අධිකාරියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයට ක්‍රිකට් ආයතනයෙන් 2021 දක්වා ලැබුණු මුදල් ඉන්පසු  මේ දක්වා ඒස් කැපිටල් නම් ක්‍රීඩා සමාජයකට ලැබෙන්න ඉඩ සැලැස්වීම නිසා කෝටි විස්සකට ආසන්න මුදලක් මොහු වංචා කර ඇති බවට චෝදනාවක් අපෝන්සුට තිබෙනවා.


    අපෝන්සුට එරෙහිව අල්ලස් කොමිසමේත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේත් චෝදනා කිහිපයක් මේ වන විට විමර්ෂණයට ලක් වෙමින් තිබෙනවා. රත්මලාන ප්‍රදේශයේ ඔහු විසින් ළඟදී ඉදි කළ කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී නිවස ඔහුගේ නිවස හොරු බිඳින විට නිවසේ තිබූ ඩොලර් දස දහසක මුදල ඇතුළත් කෝටි ගණනක මුදල පිළිබඳව මෙම විමර්ෂණය සිදු කෙරෙනවා.



    No comments