• Breaking News

    ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා - බුකියෙන් පුහුණු ආතල් දෙන ක්‍රිකට් ඔස්තාර්ලා


    මේ දවස් වල අසරණ වී සිටින සනත් ජයසූරියට ෆේස්බුක් හරහා  උපදෙස් දෙන්නන් අතර ලසිත් මාලිංග ප්‍රධාන තැනක් ගන්නවා. තරගයක් දිනන හැටි ගැන ඔහු දෙන උපදෙස් වල හැටියට ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය වැනි රටවල ප්‍රධාන පුහුණුකරු හැටියට ඔහුව මේ දක්වා නොගැනීම  ගැන අපට ඇත්තේ පුදුමයක්.


    මෙතරම් උපදෙස් බුකිය හරහා ලබා දෙද්දී එක්කෝ සනත් ජයසූරිය තමන්ගේ සහාය පුහුණුකරු ලෙස හෝ ලසිත්ව නොගන්නේ ඇයිදැයි බොහෝ දෙනක් අහන ප්‍රශ්නයක්.


    යෝකර් දාන හැටි ඕනෑම පිතිකරුවෙක් දවා ගන්නා හැටි පන්දුවට පහර දෙන හැටි ඔහු කියා දෙන හැටි අපූරුය.

    2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරගයේ දිනේෂ් චන්දිමාල්ගේ පරිත්‍යාගශීලිත්වය නිසා පිනට කැප්ටන් වුණත් ඒ තරගයේ සංගත් මහේලත් පිටිය සකසද්දී පිස්සෙක්  මෙන් පිට්ටනියේ එහා මෙහා දිව ගිය අයුරු බොහෝ අයට තාමත් මතකයේ තිබෙන බව ලසිත්ට මතක් කර දිය යුතුයි.


    ඔහුගෙ නායකත්වයෙන් ලංකාව සහභාගි වූ විස්සයි විස්ස තරග දහයෙන් නවයක්ම පැරදුණු මේ ඔස්තාර් තුමාට ඕස්ට්‍රේලියාවේ වන් ටු වන් කරන්න ළමයි දහයක්වත් හොයා ගන්න බැරි වුණු බව    ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනා දන්න කරුණක්. ඇතැම් විට ෆේස් බුක් එකෙන් විනය ගැන කියද්දී ලසිත්ට කියන්න වෙන්නේ ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියායි.


    No comments