• Breaking News

    ආසන වෙන් කිරීමේ සිස්ටම් එක නම් මරු ඕයි..!


    මාලිමා ආණ්ඩුවෙ ලොකු එවෙන්ට් එකක් කළොත්  නා ගන්න එක සිරිතක්.... ඒ ප්‍රොෆෙෂනල් වැඩ කාරයො නැති කම මිසක් වෙන දෙයක් නෙවෙයි. ජනාධිපති මාධ්‍ය ඒකකයෙත් ඉන්නෙ කිසිම වැඩක් බැරි පැලවත්තෙ සෙට් එකක්. පහුගියදා පවත්වපු *ඉවත් වෙනු* නම් වූ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහනේ වීඅයිපී ආසන  පැනවීමේ දුර්වල කම හොඳින් කැපී පෙනෙනවා. 


    ඕනෑම රාජ්‍ය හෝ රාජ්‍ය නොවන උත්සවයක ආරාධිතයන්ට ආසන වෙන් කිරීමේදී නිශ්චිත ප්‍රොටෝකෝලයන් අනුගමනය කරනවා.


    නමුත් මෙම උත්සවයේ අසුන් පනවා තිබූ ආකාරය අන්තිම විහිළු සහගතයි.


    සංගක්කාර, සනත් ජයසූරිය හා පැතුම් නිශ්ශංකට ජනාධිපතිවරයා අසළ මුල් පේළියේ ආසන පනවද්දී ඔවුන්ට වඩා ජ්‍යේෂ්ඨ අරව්න්ද ද සිල්වාත්, සිදත් වෙත්තමුනිත් අසුන් ගන්වා තිබුණේ තුන්වැනි හතරවැනි පේළි වලයි. 


    ලොකුම විහිළුව වූයේ පොලිස්පතිට පිටුපසින් දෙවැනි පේළියේ අජූත යූ ටියුබ්කරුවකු වන සුදාට අසුනක් දී තිබීමයි.


    කලින් දිනයේ  ගල් අරක්කු ප්‍රචාරණ ෆේස් බුක් පෝස්ටුවක් දැමූ සංගක්කාර පසුදිනයේ මත් ද්‍රව්‍ය වලින් ඉවත් වෙනු ජාතික ව්‍යාපාරයට එක්ව සිටීමත් සමාජ ජාල වල දඩිලෙස දෝෂාරෝපණයට හා උපහාසයට ලක්ව තිබුණා.


    Lankasportsnews වලට දේශපාලනය අදාල නොවුණත් මේ ගැන ලියන්න සිතුණේ එම ස්ථානයේ අරවින්ද, සිදත් වැනි ජ්‍යේෂ්ඨයන් කොන් කර තිබීම නිසයි. මේ ප්‍රොටෝකෝලයන් ගැන කියා දෙන්න පුලුවන් කමක් නැති මරිමෝඩ උද්දච්ච ක්‍රීඩා ඇමති කෙනෙක් සිටියදී මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ හැබැයි.

    No comments