නොකෙරුණු චීන සංචාරයෙන් කරාතේ සභාපති කෝටි ගණනක් උපයා ගනියි
ක්‍රිකට් වල දූෂණ නිතර හෙළිදරව් කරන එකම මාධ්‍ය lankasportsnewsබව ලංකාවෙ නොදන්න කෙනෙක් නැහැ. ලංකාවෙ ක්‍රීඩා සංගම් අතරින් දූෂිත ක්‍රියා වලින් 75% ක් ක්‍රිකට් , 15% ක් පාපන්දු වෙද්දි අනෙක් ක්‍රීඩා වල දූෂිත ක්‍රියා සිදු වෙන්නෙ ඉතිරි 10% යි. ඒ නිසා lankasportsnews ඇහැ නිතරම යොමු වෙන්නෙ ක්‍රිකට් වලටයි.
අද අපි කියන්න යන්නේ කරාතේ දෝ සංගමයට අරක් ගෙන සිටින පල් හොරු කීප දෙනෙක් කරන මගඩියක් ගැනයි.
මොවුන් කරන්නෙ විදෙස් තරග වලට ක්‍රීඩකයන් යවා ඔවුන්ගෙන් මුදල් එකතු කරගෙන එයින් හම්බ කරන ජාවාරමයි.
මොවුන්ගෙ අලුත්ම මගඩිය පහුගියදා කටුනායක ගුවන් තොටුපලේදී හෙළිදරව් වුණා.
සැප්තැම්බර් 6 සිට චීනයේ පැවැත්වීමට නියමිත 23 වැනි ආසියානු කරාතේ තරගාවලියට යාම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙක් වීසා නොමැති වීම නිසා ගුවන් යානයට ගොඩ වීමට නොහැකිව ආපසු ගෙවල් බලා යාමට සිදු වුණා.
මේ සියලු දෙනා පාසල් සිසු සිසුවියන් වූ අතර කරාතේ දෝ සංගමය මගින් ඔවුන් එක් අයකුගෙන් ගුවන් ප්‍රවේශ පත්‍රය, වීසා ගාස්තු හා වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් පන් ලක්ෂ අසූ දාහක් අය කර තිබුණා.
ඊට අමතරව සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම කරාතේ ඇඳුම, බ්ලේසරය හා ගමන් ගාස්තු වෙනුවෙන් තවත් ලක්ෂ දෙකකට වැඩි මුදලක් වැය කළ බව එක් ක්‍රීඩිකාවක් lankasportsnews වෙත පැවසුවා.
ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමවිපියන් මෙම මුදල සොයා ගෙන ඇත්තේ කණකර උගස් කිරීමෙන් හා ගේ දොර ඉඩකඩම් උගසට තැබීමෙන් බව අප කළ සොයා බැලීමකදී හෙළිදරව් වුණා.
පසුගිය වසරේ අගෝස්තු මස පිලිපීනයේ තිබූ ආසියාතික කරාතේ තරගාවලියකට යාමට සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකටද මෙවැනි ඉරණමකට මුහුණ දෙන්න සිදු වූ අතර එවර ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුව ආපසු ලබා දී තිබුණා.
මෙවර කරාතේ දෝ සංගමය නියෝජනය කරමින් කණ්ඩායමේ කළමනාකරු ලෙස යාමට සිටි කරාතේ දෝ සභාපතිවරයා දෙමව්පියන්ට පවසා ඇත්තේ අමාත්‍යාංශය මගින් කරාතේ දෝ සංගමය දැන් විසුරුවා ඇති බැවින් තමන්ට මෙහි වගකීමක් ගත නොහැකි බවයි.
වීසා නියමිත කාලයට නොලබුණේ දෙමව්පියන් විසින් අදාල ලිපි කලට වේලාවට තමන්ට භාර නොදීම නිසා බව මොහු කීවත් දෙමව්පියන් පවසන්නේ මසකට කලින් එම ලිපි තමන් භාර දුන් බවයි.
මේ අනුව කෝටි ගණනක මුදල් ගසා කෑමක් සිදු කළ කරාතේ දෝ සංගමයේ සභාපති වරයා සම්වන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කොට ඔහුට විරුද්ධව නීති මගින් කටයුතු කර තම මුදල් ආපසු ලබා දෙන මෙන් මෙම දෙමව්පියන් ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එහෙත් මේ වන විට කතාවට පමණක් සීමාවී සිටින පතෝල ක්‍රීඩා ඇමතිවරයා මේ සඳහා ක්‍රියා මාර්ගයක් ගනීවිද යන්න සැක සහිතයි.
No comments