• Breaking News

    සිම්බාබ්වේ ජයග්‍රහණය පිටුපස ක්‍රීඩා ඇමතිවරයාත්


    අපේ ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ ගියේ හරියට එංගලන්තේ හෝ ඕස්ට්‍රේලියාවේ සංචාරයකට  යනව වගේ ලොකු සූදානමකින්.


    මේ සංචාරයට කණ්ඩායම තෝර ගැනීම මහ අමාරු කටයුත්තක් නොවුනත් සනත් ජයසූරියගෙ උවනනාවට මිලියන ගණනක් වියදම් කරල ටී ටුවෙන්ටි තරගාවලියක් පවා පැවැත්වුවා.


    එහෙම කරලත් සදීර සමරවික්‍රම වගෙ හාල් කෑලිත් කණ්ඩායමට තෝර ගත්තා.


    සිම්බාබ්වේ කියන්නෙ ලෝක ක්‍රිකට් කරලියේ ඉන්න ලොන්ත කණ්ඩායමක්. අයිසීසී ශ්‍රේණි ගත කිරීම් වල අපි සිව් වැනි තැනේ ඉන්නකොට සිම්බාබ්වේ ඉන්නේ එකොළොස් වැනි තැනේයි.


    ගිය මාසෙ නවසීලන්ත කණ්ඩායම සිම්බාබ්වේ කළ සංචාරයේදී ඔවුන් ආපහු ගියේ සිම්බොන්ට දුවන්න ගහලයි.


    ඉතින් අපේ කණ්ඩායම සිම්බාබ්වේට ගහල තරගාවලිය දිනන එක මහ අරුමයක් නෙවෙයි.


    ඒත් තරග දෙකම දින්නෙ අවසන් පන්දු ඕවරය වෙනකල්ම දඟලලා බොහොම අමාරුවෙන්.

    මධුශංකගේ හැට්ට්‍රික් එක හා පැතුම් නිශ්ශංකගේ පිතිහරඹය නොවේ නම් මේ තරග දෙකම පරදින්න තිබුණා.



    ඒ නිසා ආසියානු කුසලානෙට යන්න හොඳම මට්ටමක අපි ඉන්නවා කියන්න අමාරුයි.



    අපේ රටේ ලොන්ත මීඩියා කාරයෝ මෙහෙම ලොන්ත කණ්ඩායමක් එක්ක මෙහෙම අමාරුවෙන් දින්නම විශිෂ්ට ජයග්‍රහණයක් කියල කියන එක නම් මාරයි.


    මේ සංචාරෙට කලින් කෝටි ගණන් ගෙවල ඉන්දියාවෙන් පන්දු රැකීමේ පුහුණුකරුවෙක්, එංගලන්තෙන් වැරෙන් පන්දුවට පහර දෙන අන්දම කියා දෙන පවර් හිටින් ස්පෙෂලිස්ට් කෙනෙක්,ෆාස්ට් බෝලින් කන්සල්ටන්ට් කෙනෙක් හැටියට ලසිත් මාලිංගත් ගෙනාවට අපි දැකපු පවර් හිටින්වත්,පන්දු රැකීමේ දියුණුවක්වත් ෆාස්ට් බෝලින් වල දියුණුවක් වත් පේන්න තිබුණෙ නෑ. 

    මධුශංකගෙ හැට්ට්‍රික් එක විතරක් කැපී පෙනුනත් අපේ ෆාස්ට් බෝලර්ලා තරග දෙකේම ලකුණු 50 ට වඩා සිම්බන්ට ලකුණු ලබා දුන්නා.


    මීට අමතරව අපේ සියල්ල දත් ක්‍රීඩා ඇමතිවරයාත් සංචාරයට පෙර පුහුණු සැසියකට ගොස් මෝටිවේෂන් ස්පීච් එකක් දීල තිබුණු එක සමහර විට මේ තරග දෙක මේ අන්දමින් හෝ ජය ගන්න හේතුවක් වෙන්න ඉඩ  තියෙනවා. 


    ඒ නිසා මීට පස්සෙ ලංකාවෙන් යන ඕනෑම ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රීඩා ඇමතිවරයා ගෙනත් මෝටිවේෂන් ස්පීච් එකක් දෙන මෙන් lankasportsnews යෝජනා කරනවා. මෙහෙම දැන උගත් ක්‍රීඩා ඇමති කෙනෙක් ලබන්න අපේ රට පින් කරල තියෙනවා.

    No comments