ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහාය පුහුණුකරුවන් දොට්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන්ගේ වෙනසක් හෙට අනිද්දා වීමට නියමිත බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
ඒ අනුව පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි, දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග,පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන , වේග පන්දු පුහුණුකරු දර්ශන ගමගේ යන අය වෙනුවට වෙනත් අය බඳවා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
පියල් විජේතුංග වසර දහයකට වඩා මෙම කටයුත්ත කරමින් සිටි නමුත් හිටපු හොඳ දඟ පන්දු යවන්නන්ගේ ඉරියව් වෙනස් කොට ඔවුන් විනාශ කළා මිස හදපු දඟ පන්දු යවන්නෙක් නොමැති බව සත්‍යයක්.
තිළිණ කණ්ඩම්බිගේද දායකත්වය පිළිබඳ ගැටළු රැසක් පවතින බව වාර්තාවෙනවා.
මෙම තනතුරු පිරවීම සඳහා සුදුසු දේශීය පුහුණුකරුවන් මෙහි නොසිට්න බැවින් බොහෝ දුරට පිතිකරණ, වේග පන්දු හා පන්දු රැකීමේ පුහුණුකරු ස්ථාන සඳහා විදේශීය පුහුණුකරුවන් බඳවා ගැනීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙනවා.
වෙනත් රටවලට සාපේක්ෂව සහාය පුහුණුකරුවන් එක දිගට වසර ගණනාවක් ස්ථිර රැකියාවක් පරිදි සේවය කරන එකම රට ලංකාවයි. මේ හේතුවෙන් ඔවුන් ක්‍රීඩකයන් සමග ඕනෑවට වඩා ඇඟෑලුම් පවත්වාගැනීමට පුරුදු වී සිටීමද සහාය පුහුණු අංශය වෙනස් කිරීමට තවත් හේතුවක් වී ඇතැයිද වාර්තා වෙනවා.
No comments