• Breaking News

    ක්‍රිකට් වෙබ් අඩවියේ විස්තර විචාරය බූදලයක් කර ගත් බහිරවයෙක්


    ලංකා ස්පෝර්ට්ස් නිව්ස් Lankasportsnews කියන්නේ   ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දූෂණ වංචා අක්‍රමිකතා  නිර්භයව හෙළිදරව් කරන එකම වෙබ් අඩවිය බව අමුතුවෙන් කියන්න ඕන නෑ.


    මේ වන විට අපේ වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්  ලක්ෂ ගණනක් ඉන්නවා. 


    ඒ අතර අපේ හෙළිදරව් කිරීම් දරා ගත නොහැකි ක්‍රීඩාවේ මහ හොරුන් අපට  සයිබර් ප්‍රහාර කිහිප විටක්ම එල්ල කළත් ඒවාට මුහුණ දෙමින්  අපේ වෙබ් අඩවිය ඔබ වෙනුවෙන්  නොකඩවා පවත්වා ගෙන යන බව කිව යුතුයි.


    මෙවර අපි හෙළිදරව් කරන්නේ ගුවන් විදුලි, ටෙලිවිෂන් විස්තර විචාරකයන් අතර ඇති මාෆියාවක් ගැනයි.


    ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය මගින්  ශ්‍රී ලංකා පිලේ  සෑම තරගයකම ජාත්‍යන්තර සජීවී විකාශය එලෙසම විකාශය කළත් එහි විස්තර විචාරය නම් සත පහක වැඩක් නැති අජූත විචාරකයන් කිහිප දෙනකුගේ බූදලයක් බවට පත් කර ගෙන තිබෙනවා.


    මුදල් වංචා කිරීම නිසා ගුවන් විදුලි සංස්ථාවෙන් එළවා දැමුණු බන්දුල සමන් වතුරේගම නම් කල් ඉකුත් වූ විස්තර විචාරකයා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ විස්තර විචාරය බදු අරන් තිබෙන්නේ ඔහුටම හරියන බහුබූත විස්තර විචාරකයන් කිහිප දෙනකු ගෝලයන් ලෙස තබා ගෙනයි.


    මේ ගෝලයන් අතර ජාලිය සමන් ප්‍රධාන තැනක් ගන්නවා. 


     මොවුන්ගේ විස්තර විචාරයේ හොඳ කම සමාජ මාධ්‍යයේ හා ක්‍රිකට් ආයතන වෙබ් අඩවියේම වැටෙන කමෙන්ට්ස් වලින් පැහැදිලිව පෙනුනත් මොවුන් වෙනස් නොවන්නේ විස්තර විචාර අතර ෂම්මිට හා රවින්ට හැකි තරම් කඩේ යන නිසයි.


    බන්දුල සමන් නම් වයසක විචාරකයා දැන් විස්තර විචාර වෙනුවට කියවන්නේ විකාර බව දන්නා බොහෝ දෙනා පුරුදුව ඇත්තේ ශබ්දය අඩු කොට රූපය පමණක් බැලීමට බව ක්‍රිකට් මාධ්‍ය අංශය දනිතත්  ඔවුන්ද ඉන්නේ කට වහගෙන මුකුත් නොදන්නා ගානටයි. 

    මුලදී ඔවුන් මේ විහිළු කාරයන්ගේ විචාර වලට බැණ කෙරෙන කමෙන්ට්ස් මැකුවත් දැන් ඒවා එසේම තියෙන්න හරින්නේ මැකීම එපා වෙලා නිසයි.


    ඒ බව මාධ්‍ය අංශයේ නිලධාරියෙක් මාධ්‍ය කුටිය තුළ මාධ්‍යවේදීන්ට පවසා සිටියේ උපහාසයෙන් යුතුවයි. නවකයන්ට එන්න ඉඩ නොදෙමින් ඔවුන්ට තග දමමින් රූපවාහිනී විස්තර විචාරයේ යෙදෙන මෙවැනිම තවත් ඉංග්‍රීසි  විස්තර විචාරකයන් කිහිප දෙනකු ගැන ඉදිරියේ මෙවැනිම  හෙළිදරව්වක් කරන්න අප බලාපොරොත්තු වෙනවා.

    No comments