• Breaking News

    මීළඟ හිරේ යන පෝලිම ක්‍රිකට් ආයතනයෙන්?


    මේ දවස් වල අල්ලස් කොමිසමට නින්දක් නැති තරමට වැඩ කරන්න වෙලා තියෙනවා. සීඅයිඩියටත්  ඒ වගෙම ෆයිල් ගොඩ ගැහිලා. හිටපු ඇමතිවරු දවසෙන් දවස අත් අඩංගුවට ගන්න අතරෙ ඔවුන්ගෙන් රිමාන්ඩ් හිර ගෙදරවල් පිරී ඉතිරී යනවා. Lankasportsnews වෙත ලැබෙන අලුත්ම වාර්තා වලට අනුව මේ පෝලිමට එක්වෙන මීළඟ පිරිස අතර ක්‍රිකට් බලධාරීන් පිරිසක්ම සිටින බව වාර්තා වෙනවා.


    හිටි ගමන් කෝටි ප්‍රකෝටිපතියන් බවට මොවුන් පත් වූ ආකාරය ගැඹුරින් විමර්ෂනය කෙරෙන බව වාර්තා වෙනවා. 


    මේ ඇතැමුන්ට කෝටි ගණනක ඉඩම් ,වතු පිටි හා යාන වාහන තිබෙන බවත් සමහරුන්ට එංගලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ ගෙවල් පවා ඇති බවත් කියවෙනවා.


    අයථා ඉපයීම් යටතේ මේ පිරිසටද හිරගෙදරින් ඉඩක් වෙන් වනු ඇති බව ක්‍රිකට් විධායක සභාවේ අවංක නිලධාරියෙක් අප සමග පැවසුවා.


     වරින් වර නාමල් රාජපක්ෂ, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර,දේශබන්දු තෙන්නකෝන්, හිටපු  අභියාචනා විනිසුරු බන්දුල කරුණාරත්න  වැන්නන් අල්ලාගෙන බේරී සිටියත් ජනාධිපති අනුර කුමාර දිසානායක අල්ලා ගැනීමට මොවුන්ට නොහැකි වී තිබීමත් අධිකරණය පිරිසිදුවී තිබීමත් අල්ලස් කොමිසම නීත්‍යානුකූල ලෙස කටයුතු කිරීමත් හේතුවෙන් මේ පිරිස දැනටමත් තම දේපල වසන්  කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.


    මේ අතර සනත් ජයසූරිය ඉදිරියට දමා ජවිපෙ නායකයන් අල්ලාගෙන බේරී සිටීමට තැතත් ක්‍රියාත්මකව ඇතත් අලුත් ක්‍රීඩා පනතේ රෙගුලාසි අනුව දෙවසරක ජාත්‍යන්තර තහනමකට ලක්වී සිටීම හේතුවෙන් සනත්ටද ඉදිරියේ තනතුරු අහිමි වීමේ අවධානමක් ඇති බව වාර්තා වෙනවා.


    No comments