ක්‍රිකට් බෝඩ් එක ගිණි ගනී භාණ්ඩාගාරික වීණා වයයි
රෝමය ගිනි ගන්න කොට නීරෝ වීණා වැයුව වගේ කතාවක් මේ පාර අපි කියන්න යන්නෙ. ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරය හිස් වෙලා බංකොලොත් තත්වෙට වැට්ල තියෙන අවස්ථාවක එහි භාණ්ඩාගාරිකවරයා ඕස්ට්‍රේලියාවට ගිහින් ආතල් ගන්න හැටි මෙහි දැක්වෙනවා.
අපට ලැබෙන ආරංචි මාර්ග අනුව ක්‍රිකට් බලධාරීන් අත්තනෝමතික ලෙස වියදම් කර තිබෙන අන්දමට අගෝස්තු මාසෙ එහි සේවක සේවිකාවන්ගෙ පඩි නඩි ගෙවන්නත් අමාරුයිලු.
එහෙම තියෙද්දි ෂම්මිලා යාපනයෙ ජාත්‍යන්තර පිට්ටනි හදන්න ජනාධිපතිට පොරොන්දු වෙලා. පොල්හේනෙ කාන්තා ක්‍රිකට් ඇකඩමියක් හදන්න හඳුනෙත්තිට පොරොන්දු වෙලා. අනෙකුත් ක්‍රීඩා නංවන්න සල්ලි දෙන්නම් කියල ක්‍රීඩා ඇමති වරයට පොරොන්දු වෙලා.
SSC ක්‍රීඩාංගණයෙ ලයිට් සවිකරල දෙන්නත් පොරොන්දු වෙලා.
ඒ අතරෙ දිස්ත්‍රික් සංගම් වල චන්ද හිමි නාමික ක්‍රීඩා සමාජ වලටත් එකකට රුපියල් 50,000/=බැගින් දෙන්න පොරොන්දු වෙලා.සමහර ඒවට දීලත් ඉවරයි.
ඒ මදිවට දිගට හරහට තමන්ගෙ හිතවතුන්ට තනතුරු අලුතින් නිර්මාණය කරමින් ලක්ෂ දෙකේ තුනේ පඩියට ජොබ් දෙන්නත් පටන් අරන්.
ජනාධිපතිවත් මාලිමා ආණ්ඩුවත් රවටගෙන ( සමහරුන්ට ජරාවත් දීලා)
ලංකාවෙ ක්‍රිකට් ම්වළපල්ලටම යවන කල් ගොබ්බ ක්‍රීඩා ඇමතිත් පතෝල කරලක් වගේ ඔහේ ඉන්නවා. හරින් ඇතුළු ගජ මිතුරු සමාගමත් සාගල වගේ අයත් පහුගිය කාලෙ කළේ මේ නඩයෙන් යැපීමයි. දැනුත් වෙන්නෙ ඒකමයි.
හොරු අල්ලන්න ආපු ආණ්ඩුව දැන් හොරු විසින් අල්ලගෙන බව මිනිස්සු කියන්න පටන් අරන් තියෙන්නෙ මේ නිසයි.
මෙච්චර දේවල් වෙද්දිත් අපේ රටේ So Called මීඩියා කාරයො මීක් නොකිය ඉන්නකොට එහෙම නැත්තන් ක්‍රිකට් පේ රෝල් එකේ ඉන්දැද්දි එහමත් නැත්තන් ටුවර් වලට යට වෙද්දි lankasportsnews දිගින් දිගටම සත්‍ය තොරතුරු ජනතාවට ලබා දෙන්න බැඳී ඉන්නවා.
සබැඳි පෙර ලිපි
No comments