ක්‍රීඩා ඇමතිට පිස්සු.! ජාතික තේරීම් කමිටුවට වැරදි පත්වීම්
ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ තමන් නොදන්නා ක්‍රීඩා ඇමති කමක් භාර අරන් නා ගන්න තරමක් අපි විටින් විට හෙළිදරව් කළා. ඔහු විසින් පසුගියදා පත් කළ ක්‍රීඩා සභාව මෙන්ම ජාතික තේරීම් කමිටුවට නම් කර ලබා දුන් ඇතැම් පත් වීම් ව්‍යවස්ථා විරෝධී බව lankasportsnews වගකීමෙන් යුතුව කියනවා.
ජාතික තේරීම් කමිටුවේ සභාපති ලෙස ශ්‍රියාණි කුලවංශ පත් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි කටයුත්තක්.
ඇය දැනටමත් තම සැමියා සමග මලල ක්‍රීඩා පුහුණුකාරිණියක් ලෙස කටයුතු කරනවා. ඔලි යනුවෙන් හැඳින්වෙන ඔලිම්පියන්ස් සංගමයේද සභාපතිනිය වන අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා උපදේශිකාවක ලෙසද රැකියාවක නිරත වෙනවා.
ඔලිම්පියන්ස් කෙනෙකු වන ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ නිර්දේශයෙන් ඇයව ජාතික ක්‍රීඩා සභාවටත් ජාතික තේරීම් කමිටුවටත් පත් කිරීම නීති විරෝධී කටයුත්තක් බව ක්‍රීඩා ඇමතිවරයාටත් නියෝජ්‍ය ඇමතිවරයාටත් අපි වගකීමෙන් යුතුව කියන්නේ මෙවැනි ගොන්කම් කිරීමට පෙර දන්නා කෙනෙකුගෙන් අසා සිටින ලෙසයි.
No comments