ඉතිහාසයේ සිටි ගොබ්බම ක්‍රීඩා ඇමති මාලිමා රජයෙන්
ලංකාවෙ ක්‍රීඩා ඇමති කියන්නෙ ටෙනිසන් කුරේටත් වඩා හොඳම ජෝකර් කෙනෙක්.මේ බව අපි මීට කලිනුත් කිව්වා. ඔහුගෙ අලුත්ම ජෝක් එක තමයි පහුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වපු ක්‍රීඩා සතිය.
මේ ක්‍රීඩා සතියෙ පවත්වපු සංදර්ශන නිසා අපේ රටේ ක්‍රීඩාව මාර විදියට අප් උනා කියල ඇමතිවරයා හිතන් ඉන්න තරමෙන් අපේ රටේ ක්‍රීඩාවට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.
පාපැදි රැළියක් පවත්වපු තරමින් එහි පාපැදියක් පදිමින් විමල් වීරවංශ වෙන්න ගිය තරමින් අපේ රටේ පාපැදි ක්‍රීඩාව දියුණු වෙන බව හිතන් ඉන්න මේ ඇමතිවරයා කට ඇරපු ගමන් මවන්නෙ සිනා සාගරයක්.
ක්‍රීඩාව ගැන අඩු තරමින් තමන්ගෙ නියෝජ්‍ය ඇමතිවරයාගෙන් හෝ අසා දැන ගන්නට අකැමැති මේ උද්දච්ච ඇමතිවරයා තව කලක් මේ ඇමති ධූරයේ හිටියොත් අපේ රටේ ක්‍රීඩාවට අබ සරණයි.
මේ ඇමතිවරයාගේ ගොබ්බ වැඩ ගැන ඉදිරියේ අපේ රටේ ක්‍රීඩා ලෝලීන් දැනුවත් කිරීමට lankasportsnews බලාපොරොත්තු වෙනවා.
ක්‍රීඩා පනතට සංශෝධන ගෙන ආවත් එහි දැක්වෙන නීති ක්‍රියාත්මක කිරීමට කශේරුකාවක් නැති මේ ඇමතිවරයා පහුගියදා තමන්ගේ ක්ෂේත්‍රයට අදාල නැති සංචාරයකට සති දෙකකට චීනෙටත් ගිහින් ආවා.
ක්‍රීඩා පිටි අධීක්ෂණය කරන්න සතියකට වරක් කොහේ හෝ යාමේ පිස්සුවක් ( මාධ්‍ය සංදර්ශනයක් ) තිබුණත් මුලින්ම අධීක්ෂණය කළ සුගතදාස ක්‍රීඩාංගණයේවත් කිසිදු ප්‍රතිසංස්කරණයක් කරන්න මේ දක්වා මොහුට නොහැකිව තිබෙනවා.
No comments