• Breaking News

    ක්‍රිකට් වෙනුවෙන් කඳුලු හෙලන කිඹුලෝ


    මේ දවස් වල ලංකාවේ ක්‍රිකට් බිංදුවටම වැටිලා. හැමෝම ක්‍රිකට් හදන හැටි කතා කරන්න අරන්. ෆේස් බුකිය බැලුවත් ඔස්තාර්ලා දාස් ගානක්. සමහර ක්‍රීඩකයන් වෙනුවෙන්ම පේජ් හදා ගත්ත අය වගේම සල්ලි ගෙවා ලියා ගන්නා පේජ්ද සිය ගණනින්. ක්‍රිකට් තේරීම් කමිටුවේ ලෝක සූරතා කුසලාන දිනූ කණ්ඩායමේ දෙන්නෙක් ඉන්නවා.ඒ ප්‍රමෝදය හා කලුවිතාරණ. තාක්ෂණ කමිටුවේ ඉන්නේ මුරලි, අරවින්ද, මහනාම, සංගා , මහේල වගේ රටේ ඉහළින්ම ක්‍රිකට් ගැසූ අයයි. දැන් යූ ටියුබ් , සූම් , ෆේස් බුක් වලින් හතර වටින්ම උපදෙස් ලබන්නෙත් බැණුම් අහන්නෙත් මේ ඒ කාලේ ක්‍රිකට් විරුවන් කියු අයමයි.



    මේ අතර කැපී ගිය හෝ විශ්‍රාම ගිය රටත් හැර ගිහින් තියෙන හිටපු ක්‍රීඩකයෝත් මේ උපදෙස් පන්ති පවත්වන්න ඉදිරිපත් වෙලා. ආයෙත් කණ්ඩායමට රිංගන්න චන්ද කාලේ හම්බන්තොට පදිංචි වෙලා නාමල්ට කඩේ ගියත් ප්‍රයත්නය හරි නොගිය ධම්මික ප්‍රසාද්, පවුල පිටින් රට හැර ගිහින් ඕස්ට්‍රේලියාවේ මාස ගාණක් ඩෝල් එකෙන් හිටපු ඩිල්ෂාන්, ක්‍රිකට් බෝඩ් එකෙන් ඩොලර් හතලිස් දාහක මාස හතරක පිං පඩියක් ලබපු රසල් ආනල්ඩ්, නායකත්වය දරපු අන්තිම තරග දහයෙන් නවයක් පරාද වුණු ලසිත් මාලිංග, බෝලින් කෝච් කම තියල බැටින් කෝච් කරන්න ගිහින් පන්නා දැමූ අනුෂ මේ අතර විශේෂ තැනක් ගන්නවා. රටේ ක්‍රිකට් හදන්න කතා කළත් තමන්ගෙ ඉස්කෝලෙ පැත්තටවත් යන්න බැරිව නෝන්ඩි වී ඉන්න ධම්මික වගෙම විනය ගැන කතා කළත් සිම්බාබ්වේ පොළොව පාගන්න තහනම් ඩිල්ෂාන්ලා කියන කතා වලට අප්පුඩි ගහන තකතීරුවොත් ඉන්නවා. මෙයාලගෙ කතා එළිදරව් කළොත් යන්න වෙන්නෙ රෙදි නැතිවයි. බොර දියේ මාලු බාන මෙයාලට එයාල ගහන කාලෙ ක්‍රීඩකයන් කපල, මැච් විකුණල කරපු පල් වැඩ ගැනත් වෙනම කතා කරන්න දන්න ගොඩක් අයත් ලංකාවෙ ඉන්නවා. Lankasportsnews තියෙන්නෙ මේ කාටවත් පුද්ගලිකව මඩ ගහන්න නෙවෙයි. නොදන්න අයට ඇත්ත ඇති හැටියෙන් පහදල දෙන්නයි.


    පොහොට්ටුවේ අපේක්ෂක ඩිල්ෂාන් දැරියක් දූෂණය කරලා ? Exclusive



    දිල්ශාන් හා මහරුෆ් තරගය පාවාදුන්නාද ? බැරල් බෝම්බයක්



    අපේ ක්‍රිකට් වැටෙන එක ගැන ඔය තමන්ගෙ ඇජෙන්ඩ තියාගෙන කිඹුල් කඳුලු හෙලන මේ බොහොමයක් බොරුවිරුවන්ට වඩා හැබෑ කැක්කුමක් අපට තියෙනවා. මේ ගොඩක් දෙනා හොඳට ඩොලර් හොයපු අය එහෙම නැත්තන් තවත් හොයන්න පෙරේත කමෙන් ඉන්න අයයි. හැමෝම මෙයාලගෙ ලකුණු, විකට් ගැන කතා කළත් හම්බ කළ, දැනුත් හම්බ කරන ඩොලර් දකින්නෙ නැහැ. අර්ජුන රණතුංගත් කරන්නෙ හැමදාමත් අනූ හයේ ලෝක කුසලානෙ විකුණන එකයි. ලෝක කිසිම රටක හිටපු කිසිම ක්‍රීඩකයෙක් තවත් හිටපු ක්‍රීඩකයො විවේචනය කරන්නෙ නැහැ. ඒත් ගහන කාලෙත් ඉන් පස්සෙත් එකාට එකා නැති එහෙම නැත්තන් ගෲප් හදාගෙන ඉන්න කුහක ක්‍රීඩකයො ඉන්නෙ අපේ රටේ විතරයි.




    No comments