කට හින්දා නැහුනු මාලිංග - හෙලිදරව්ව
මාළුවා නහින්නේ කට
හින්දයි. ලසිත් මාලිංග මේ වන විට සංචිතයේ හෝ නැත්තේ ඔහුගේ වචන හරඹයන් නිසා බවයි
ලංකා සිපෝට්ස් නිව්ස් වෙත වාර්ථා වන්නේ. පසුගිය වසරේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි
ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් ගොඩ නැංවීම සදහා අදහස් ලබා ගැනීමේ
වැඩමුළුවක් පැවැත්වූවා. එහිදී නොබියව අදහස් දැක්වූවේ ලසිත් මාලිංග පමණයි. එතැන්
සිට ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවූවා.
බංග්ලාදේශ පන්දුවාර 20
තරගාවලියට මාලිංග ඇතුලත් නොවන්නේ දක්ෂතා අතර නොමැතිවීම හේතුවෙන් බවයි තේරීම් කමිටු
සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසුවේ. කෙසේ වෙතත් මේ වන විට පැවැත්වෙන දේශීය
පන්දුවාර 20 තරගාවලියේ දක්ෂතා දැක්වීමට මාලිංග සමත්වී සිටිනවා. එහෙත් නිදහස්
කුසලාන පන්දුවාර 20 තරගාවලියට නම් කළ විසිදෙනා අතරට හෝ මාලිංග ඇතුලත් වූයේ නැහැ.
ඉන් පැහැදිලි වන්නේ වත්මන් තේරීම් කමිටුව මාලිංග සමග කිසියම් අමනාපයකින් සිටින
බවයි. ඔවුන් තේරීම් කමිටුවට පත්වූ දින සිට මෙතෙක් ලසිත් මාලිංග කිසිදු තරගයක් ක්‍රීඩා
කර නැහැ. ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල
මහතාද මෙම අවනඩුව පිලිබද අවධානය යොමුකළ යුතුයි. මෙරට ක්‍රිකට් ගොඩනැංවීමට ක්‍රීඩකයින්ගෙන්
අදහස් විමසීමේ වැඩමුළු පවත්වා එහිදී ඇත්ත කථාකල ක්‍රීඩකින් තේරීම් කමිටුවේ
පලිගැනීමට ලක්වන්නේ නම් කෙසේ ඊට ඉඩදිය හැකිද ? මේවාට කියන්නේ කැකිල්ලේ නඩු
තීන්දුවලටත් වඩා නොහොබිනා ක්‍රියා ලෙස නොවේද ?
No comments