• Breaking News

    තවත් නායකයෙක් නිදහස් කුසලානයෙන් ඉවතට


    ඉන්දියාව හා බංග්ලාදේශය තරගවදින නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තරගාවලිය සදහා අවසන් පුහුණුතරගයට ශ්‍රී ලංකාව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී එක්ව අවසන්. ඊට සංචිතයට නම් කළ සියලුම ක්‍රීඩකයින් එක්වූ බව ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත කියා සිටියා. ඔවුන් සියළුදෙනා යහපත් තත්වයෙන් සිටින බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ වන විට තරගාවලියේ ශ්‍රී ලංකාව එක්වන තරග සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ඉහළ ඉල්ලුමක් ඇති බවයි. මේ හේතුවෙන් කලු කඩ ප්‍රවේශපත්‍ර වෙළදාම ඉහළ යා හැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ. තරගාවලියට එක්වන දෙරටේ කණ්ඩායම් හෙට හවස දිවයිනට පැමිණීමට නියමිතයි.
    මේ අතර බංග්ලාදේශ නිත්‍ය නායක ශකිබ් අල් හසන්ට මෙම තරගාවලිය අහිමිවී තිබෙනවා. ඒ ඔහුගේ ආබාධය සුව වී නැතිවීම හේතුවෙන්. මේ හේතුවෙන් මොහොමදුල්ලා මෙම තරගාවලියේදීත් බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.




    No comments