කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ඉල්ලා අස්වෙයි
තේරීම් කමිටු සාමාජිකයකු
ලෙස කටයුතු කරන විට වෙනත් ප්‍රධාන තනතුරු භාරගැනීමේ හැකියාවක් නැහැ. එහෙත් බොහෝ
දෙනෙකු එය අමතක කරමින් කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික තේරීම්
කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා එවැන්නෙක්. ඔහු තරග තීරකයකු ලෙසත් කටයුතු
කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් එක්වූ ටී 10 ක්‍රිකට් තරගාවලියේදී ඔහු මෙම
භූමිකාවන් දෙකම නියෝජනය කළා.
කෙසේ වෙතත් ලැජ්ජාවක්
ඇති අය බොහෝ සිටින ඉන්දියාවේ කණිෂ්ඨ තේරීම් කමිටු සභාපති වන්කඩේෂ් ප්‍රසාද්
තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ පන්දු
යැවීමේ පුහුණුකරුවකු ලෙස එක් කණ්ඩායමකට සහය ලබාදීම සදහායි. මීට පෙර අවස්ථා
කිහිපයකදී ඔහු සහය පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට්
තරගාවලියේ කටයුතු කර තිබෙනවා.
No comments