ජයග්‍රහණයේ පියා
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම මේ වන විට නිදහස් කුසලානය ජයග්‍රහණය කිරීමේ මාවතට පිවිස සිටිනවා. ශ්‍රී
ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගයේදී ඉන්දියාව පහසුවෙන් පරාජය කළා. අනතුරුව පැවති
දෙවන තරගයේදී බංග්ලාදේශය පරාජය කිරීමට ඉන්දියාව සමත්වුණා. මේ අනුව ශ්‍රී ලංකාව සමග
අද පැවැත්වෙන තුන්වන තරගය බංග්ලාදේශයට ඉතා වැදගත් වනවා. ඒ තරගාවලියේ අවසන් මහා තරගයට
ක්‍රීඩා කිරීමට නම් මෙම තරගය බංග්ලාදේශය ජය ගත යුතුම නිසයි.
පසුගිය කාලයේ ශ්‍රී ලංකා
ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්වෙද්දී එක්තරා අමාත්‍යවරයෙක් පැවසුවේ වත්මන් ක්‍රිකට්
පාලනය සිටිනතුරු යලි කිසිදා කණ්ඩායම ජයග්‍රහණය නොකරනු ඇති බවයි. එය මේ වන විට
මුසාවක් වී හමාරයි. පරාජයන් රැල්ලකට මුහුණදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙලෙස
ජයග්‍රහණයන් වාර්ථා කිරීමට හේතුව කුමක්ද ?
එදා පරාජය වූ කණ්ඩායමේ
කිසිදු වෙනසක් සිදු නොවී වත්මන ජයග්‍රහණයන් වාර්තා කරනවා. ඔලුගෙඩි මාරුවක් වී
නැහැ. වෙනස් වූයේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පැමිණීම පමණයි. එසේනම්
මෙය ඔහුගේ වික්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිද ? ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස සිටියදී ඔස්ට්‍රේලියාව
පවා පරාජය කරමින් බංග්ලාදේශය ජයග්‍රහණ වාර්ථා කළා. එම කණ්ඩායමමයි අද පරාජය වන්නේ.
මේ අනුව පෙනී යන්නේ ප්‍රධාන පුහුණුකරු ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔප්නැංවීමට ප්‍රධාන
සාධකයක් බවයි. චන්දික හතුරුසිංහ මහතා ජයග්‍රහණයන් පිටුපස සිටින බල කණුව බව යලි
යලිත් පසක් කර අවසන්. එහෙත් මෙම ජයග්‍රහනයන් ඉබේ සිදු වූවා ලෙසයි ක්‍රිකට් ආයතනය
හා ඇතැම් මාධ්‍ය සිතා සිටිනවාදැයි ඇතමුන් ප්‍රශ්න කරනවා.
No comments