• Breaking News

    චන්දිමාල් පන්දු යවන්නන්ට දෙහිකපයි


    නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක පරාජයක් ලැබුවා. ඊට හේතුව පන්දු යවන්නන්ගේ දුර් වල ක්‍රීඩා විලාශය බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. පිතිකරුවන් හොදින් ක්‍රීඩා කළද තරගය ජය ගැනීමට නොහැකිවූයේ මේ හේතුවෙන් බවයි ඔහු කියා සිටියේ. දසුන් ශානක්ගෙන් හා ජීවන් මෙන්ඩිස්ගෙන් කිසිදු සේවයක් කණ්ඩායමට සිදුවූයේ නැහැ. අකිල ධනංජයද දැඩි ප්‍රහාරයකට ලක්වුණා. කෙසේ වෙතත් පන්දු රැකීමේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දුර් වල විලාශයක් දැක්වූවා. එක් ලකුණක් දියයුතු අවස්ථාවන් හතරේ පහර බවට පරිවර් ථනය කළා.
    ඉන්දියාව සමග හෙට පැවැත්වීමට නියමිත තරගය සදහා විශේෂ සැලැස්මක් සහිතව පිවිසෙන බව චන්දිමාල් පවසනවා. ක්‍රීඩකයින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වුහොත් එහිදී ජයග්‍රහණය අපහසු නොවන බවයි ඔහු කියා සිටියේ.
     


    No comments