තිසරට නායකත්වය ?
නිදහස් කුසලාන පන්දුවාර
20 යි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයේදී නියමිත කාලයට පන්දුවාර
ප්‍රමාණය නොයැවීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට ඉදිරි තරග දෙක තහනම් කිරීමට තරග
තීරක ක්‍රිස් බෝඩ් කටයුතු කර තිබෙනවා. කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන්
සියයට 60ක් කපා දැමීමටත් එහිදී තීරණය කර අවසන්. මේ අනුව ඉන්දියාව සමග පැවැත්වීමට
නියමිත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ නායකත්වය හිටපු නායක තිසර පෙරේරාට හිමිවනු ඇතැයි ක්‍රිකට් ආරංචි පවසනවා.
මේ අතර මෙම තරගයේදී
නියමිත කාලයට පන්දු නොයැවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමටද දඩුවම් කර තිබෙනවා.
නායක මොහොමදුල්ලාට තරග ගාස්තුවෙන් සියයට 20 ක් හා සෙසු ක්‍රීඩකයින්ගෙන් සියයට 10
ක් කපා දැමීමටයි කටයුතු කර ඇත්තේ. ඉදිරියට පැවැත්වෙන තරග දෙකකදී යලිත් මෙම තත්වය
දක්නට ලැබුනහොත් තරග තහනම පැනවෙනු ඇති.
No comments