• Breaking News

    පරාජයේ වගකීම - බංගලි කුඩු කල දේ


    නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වුණා. ඒ මූලික වටයේ අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන්. ශ්‍රී ලංකාව 70 වන නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව හා බංග්ලාදේශය සුදුසුකම් ලැබීම කැපී පෙනෙනවා. කෙසේ වෙතත් ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශය පරාජය වීමට යාමේදී විනිසුරුවන් නිසිලෙස තීරණ ලබා නොදෙන බව පවසමින් ක්‍රීඩකයින් තරගයෙන් ඉවත්වීමට උත්සාහ කළා. කෙසේ වෙතත් ඔවුන් ඉවත්වූයේ නැහැ. මේ අනුව වැඩි පීඩනයක් ශ්‍රී ලංකාවට ගොනු වුණා. එය තරගයේ ශ්‍රී ලංකා පරාජයට හේතු වූ බවයි විචාරක මතය.
    තරගාවලියට පෙර බංග්ලාදේශයේ පැවති තුන්කොන් එක්දින තරගාවලියේදී හා පන්දුවාර 20 තරගාවලියේදී ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි. ඊට ඔවුන්ගේ ප්‍රධන පුහුණුකරු ලෙස සිටි චන්දික හතුරුසිංහ මහතා මෙරට ප්‍රධන පුහුණුකරුවීම හේතුවූ බව එරට මාධ්‍ය පැවසුවා. මෙතෙක් ඔවුන්ට ප්‍රධන පුහුණුකු සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. මේ සියල්ලට වාඩුව ගැනීමක් ලෙසයි ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශයේ හැසිරීම ක්‍රිකට් විචාරකයින් හදුන්වන්නේ.
    මේ අතර ඊයේ තරගයේදී අවසන් පන්දුවාර යැවීමට නමගිය ක්‍රීඩකයකු ශ්‍රී ලංකාවට නොසිටීම කැපී පෙනුනා. දේශීය තරගවලදීත් ලසිත් මාලිංග යලි යලිත් සාර්තක උවත් ඔහුව කණ්ඩායමට නම් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේ නැහැ. පෞද්ගලික න්‍යාය පත්‍රයක සිට එය සිදුවූ බවයි ඇතමුන් පවසන්නේ. ඒ ප්‍රධන පුහුණුකරු චන්දික හතුරුසිංහ මීට පෙර අවස්ථා ගණනක කළ ප්‍රකාශයන් හේතුවෙන්. ඔහු පැවසුවේ ලසිත් මාලිංග කණ්ඩායමට නම් නොකිරීම තේරීම් කමිටුවේ තීරණයක් බවයි. මාලිංග ලංකාවට සිටින ඉතා හොද ක්‍රීඩකයකු බවත් ඔහු කියා සිටියා. මේ අනුව මෙම පරාජයේ වගකීම ග්‍රැහැම් ලැබ්රෝයි ඇතුලු ක්‍රිකට් තේරීම් කමිටුව භාර ගත යුතුයි.
    මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විවේකාගාරය තරගයෙන් අනතුරුව දිස්වූයේ මෙලෙසයි. තරගය ඔවුන් ජය ගත්තත් හැසිරීම අතින් ඔවුන් සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට වඩා ඉතාම ප්‍රතමික මට්ටමක බව තරගය පුරා ඔප්පු කළා.





    No comments