• Breaking News

    යකා නැටූ බංග්ලාදේශය ගැන පරීක්ෂණ දෙකක්

    නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වුණා. ඒ මූලික වටයේ අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන්. ශ්‍රී ලංකාව 70 වන නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව හා බංග්ලාදේශය සුදුසුකම් ලැබීම කැපී පෙනෙනවා. කෙසේ වෙතත් ඊයේ පැවති තරගයේ ජයග්‍රහණයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින් ක්‍රීඩක විවේකාගාරයේ යකා නැටූ බව නොරහසක්. විදුරු කුඩු කර ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය ඔවුන් විනාස කලා. මේ පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර ක්‍රීඩකයින්ගේ නොමනා හැසිරීම පිලිබද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන අවසන්. තරග තීරක එංගලන්ත ජාතික ක්‍රිස් බෝඩ් ඉදිරි පැය 24 තුල මෙම හැසිරීම පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලනයට වාර්ථාවක් ලබා දීමට නියමිතයි.


    No comments