• Breaking News

    ආගමික සංහිදියාවට ලංකිකයින් බලු විය යුතුයි ?


    නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වුණා. ඒ මූලික වටයේ අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන්. ශ්‍රී ලංකාව 70 වන නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව හා බංග්ලාදේශය සුදුසුකම් ලැබීම කැපී පෙනෙනවා. කෙසේ වෙතත් ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින් ආවේගශීලීව හැසිරුණා. නායක ශකිබුල් හසන්ට හා අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක් හා දඩුවම් ලකුණක් එකතුකිරීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම දඩුවම ප්‍රමාණවත් නොවන බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.
    ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතායි. ශ්‍රී ලංකාවට පැමිණ බංග්ලාදේශය සිදුකළ මෙම පහත් හැසිරීම සහ ක්‍රියාවන් වසන් කිරීමට ඔහු දැඩි උත්සාහයක් ගන්නවා. මේ අතර මෙම සිදුවීම ආගමික සංහිදියාවට ගැටළුක් බවත් පෙන්වීමට උත්සාහ කරමින් සිටිනවා. ඒ බංග්ලාදේශය මුස්ලිම් රටක් වීම හේතුවෙන්. ශ්‍රී ලංකාවට පැමිණ මෙලෙස ඕනෑම ජාතිකයකට යකා නැටිය හැකියි. එවිට ආගමික සංහිදියාව යැයි පවසා සියළු ශ්‍රී ලංකිකයින් අත් පා හකුලාගෙන සිටිය යුතුයි.


    No comments