• Breaking News

    ක්‍රීඩාවේ මහගෙදර ලාබෙට විකිණේ


    කීර්තිමත් විදේශ ගමන් ආයතනය ලෙස කලක සිට ප්‍රචලිත මෙරට ක්‍රීඩාවේ මහගෙදර බලය ඇල්ලූ මෙහෙයුම කරලියට ඇවිත් තිබෙනවා. එහි නිලවරණයේ කැමැත්ත ලබා දීමට 31 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා. මුල් පුටුවට සුරේ සුභ්‍ර මනී හා රොහාන ප්‍රනා අන්දු තරගයට පිවිසියා. එහිදී මුල්පුටු තරගයට පෙර දින රාත්‍රිය දක්වා ජයගෙන සිටියේ සිටියේ රොහා බව නොරසක්. 18 දෙනෙකුගේ කැමැත්ත ඔහුට තිබුණා. කෙසේ වෙතත් රාත්‍රියේ පැවති සාදයකින් සියල්ල අඩු යටිකුරු වුණා. එහිදී නමට ගැලපෙන ලෙස කටයුතු කළ මනී පැමිණි පිරිසට මල්ලක් ලබා දුන්නේ හෙට දිනයේ තමන්ට මුල් පුටුව ලබා දෙන ලෙස පවසමින්. එම මල්ලේ කිසිවකු නොසිතූ ලෙස මුදලින් රුපියල් ලක්ෂ 05 ක් හා ගෝල් කොස්ට් ටිකට් එක තිබු බව මදුවිතින් සූර් වූ මිතුරෙක් ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත පැවසුවා. ඊට අමතරව හොදම බ්ලැක් ලේබල් මදුවිත බෝතලක්ද එහි තිබී ඇත්තේ ජයග්‍රහණය සැමරීම සදහායි. මෙවැනි පැකේජ් බලයට පැමිණීමට පෙරම ලබා දෙන්නේ නම් මනී අමතක කරන්නේ කොහොමද ?

    සල්ලිවලට යටවූ පිරිස මනී දෝලාවක තබා මුල්පුටුවට පත්කර ගත්තා. එහිදී රොහා 12ක් හා මනී 18 ක් ලෙසයි කැමැත්ත කියවුනේ. එක් අයෙක් කැමැත්ත කටුගා තිබුණා. කෙසේ වෙතත් අදටත් මහගෙදර කටයුතු සිදුවන්නේ මැක්සිට ඕනෑ හැටියටයි. ඒ මෙහෙයුුමේ මහමොලකරු මැක්සි වීම හේතුවෙන්. මෙලෙස මෙහෙයුම සැකසුවේ තම හොරකම් වසා ගැනීමටලු. මැක්සි පරාජය වූවා නම් මේ වන විට සිටින්නේ සිපිරිගෙයි බවයි දැනමුත්තන් පවසන්නේ.


    No comments