දයාසිරි කෝලිට එන්න කියලා
ඉන්දීය නිත්‍ය නායක
විරාත් කෝලිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ආරාධනා
කර තිබෙනවා. නිදහස් කුසලාන තරගාවලියට ඔහු ඇතුලත්ව නැහැ. ඒ විවේක ගැන්වීම හේතුවෙන්.
අලුත විවාහ වූ කෝලිට හා අනුෂ්කා ශර්මාට ශ්‍රී ලංකා රජයේ විශේෂ ආරාධිත අමුත්තන්
ලෙස මෙරට සුන්දර ස්ථාන දැකබලා ගැනීම සදහා පැමිණන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත්
ආරාධනයේ සදහන් කර තිබෙනවා. එය ඔවුන්ට නව අත්දැකීමක් වනු ඇති බවයි ඔහු පෙන්වා දී
ඇත්තේ. මේ දිනවල කෝලි හා අනුෂ්කා විවිධ රටවල සංචාරය කරමින් සිටිනවා. මේ අතර නිදහස්
කුසලාන තරගාවලියේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර අවසන් මහා තරගය අද රාත්‍රියේ
පැවැත්වීමට නියමිතයි. තරගය පිතිකරුවන්ට වඩා යෝග්‍ය ලෙස සකස් කර තිබෙනවා. මෙම
තරගයේදී දෙවනුව පන්දුවට පහරදෙන කණ්ඩායමට අමතර වාසියක් සිදුවනු ඇතැයි වාර්ථා වනවා.
No comments