මිලියන 850 ක් බෙදාදීලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් බෙදාදීමක් සිදුකර තිබෙනවා. රුපියල් මිලියන 850 ක මුදලක් මෙලෙස බෙදාදී ඇතැයි සදහන්. එහි සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ ඉදිරි වසර 10 ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ණය නැතුව පරිපාලනය සිදුකළ හැකි බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය විසින් සංවිධානය කරන ලද දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් එකසිය හතර දෙනෙකුට (104)
ක්‍රීඩා කොන්ත්‍රාත්තු ගිවිසුම් පිරිනැමීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුකැරිණි.
මෙම ගිවිසුම්
සඳහා ශ්‍රී ලංකා
ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන ලද මුදල රුපියල් ලක්ෂ 850කි. (රුපියල් මිලියන අසුපහයි). ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන
ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරයට සහභාගි වූ අන්තර් සමාජ තරගාවලිය දී දස්කම් දැක්වු
ක්‍රීඩකයන්ගෙනි. වයස 19 කාණ්ඩයේ පාසැල් ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ මෑතක දී සහභාගී
වූ වයස 19 න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලානය තරග දස්කම් සැලකීමෙනි.
කොන්ත්‍රාත්
ගිවිසුම් අත්සන් තැබීමට ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ පහත අන්දමටය :-
01.
ඉහළම දස්කම් දැක්වූ
පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් විස්සක්.
02.
නැගී එන (Emerging) ක්‍රීඩකයන්
විසිතුනක්. (වයස 23 - 29 අතර)
03.
අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්
විසිනවයක්.
04.
හිටපු ජාතික ක්‍රීඩකයන්
(තවමත් ක්‍රීඩාකරන) පහළොවක්
05.
මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය
කර ඇති ක්‍රීඩකයන් 17ක් මීට ඇතුළත්ය.
මෙයට අමතරව මේ
ක්‍රීඩකයනට රුපියල් ලක්ෂ විසිපහ බැගින් හදිසි අනතුරු රක්ෂණ ද, රුපියල් තුන්
ලක්ෂය බැගින් වෛද්‍ය රක්ෂණ ද පිරිනැමේ.
ක්‍රීඩකයන් 104ක ට මේ පහසුකම් ලබාදෙන්නේ ඔවුනගේ ක්‍රීඩා සමාජ මගින් පිරිනමන
දීමනාවන්ට අමතරවය.
ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් 104
තෝරාගෙන ඇත්තේ පහත සුදුසුකම් මතය :-
·
දේශීය ක්‍රිකට් ‘ඒ’ කොටසේ තරගාවලියේ දී
පිතිකරුවකු ලකුණු 750ක් රැස් කිරීම හෝ පන්දු යවන්නකු කඩුලු 45ක් ලබාගැනීම, තුන්
ඉරියව් ක්‍රීඩකයෙකු ලකුණු 350ක් හා කඩුලු 35ක් ලබාගැනීම, කඩුලු රකින්නකු ලකුණු
400ක් රැස්කිරීම හා කඩුලු 20ක් දවාලීමට දායක වීම.
·
දේශීය ක්‍රිකට් ‘බී’ කොටසේ තරගාවලියේ දී පිතිකරුවකු ලකුණු 600ක් රැස් කිරීම
හෝ පන්දු යවන්නෙකු කඩුලු 40ක් දවාලීම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලකුණු 350ක් ලබා
ගැනීම හා කඩුලු 35ක් දවාලීම කඩුලු රකින්නකු ලකුනු 400ක් රැස් කිරීම හා කඩුලු 20ක්
දවාලීමට දායක වීම.
·
නැගී එන (Emerging) ක්‍රීඩකයෙකු
පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හෝ සංවර්ධන කණ්ඩාම නියෝජනය කර තිබීම. (වයස 23 - 29 අතර)
·
වසර තිහට වැඩි තවමත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන හිටපු ජාතික ක්‍රීඩකයන්.
·
19න් පහළ ලෝක කුසලාන හෝ ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කර ඇති 19න් පහළ ක්‍රීඩකයන්.
No comments