ලංකාව ගැන ජාත්‍යන්තරයට තවත් පැමිණිල්ලක්
ජාතික ඔලිම්පික් කමිටුවේ
ක්‍රියාකාරීත්වය පිලිබද පැමිණිලි කිහිපයක් පසුගිය කාලයේ ජාත්‍යන්තර ඔලිම්පික්
කමිටුවට ලැබී තිබුණා. ඒ අතරට තවත් පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අනිද්දා පැවැත්වීමට
නියමිත ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ක්‍රීඩක කොමිසමට ඡන්ද 02 ක් ලබා දීමට
යෝජනා කර තිබෙනවා. එය ව්‍යවස්ථාවට පිටින් සිදුකර ඇති බවයි නිලවරණය පැවැත්වීමට
පත්කර ඇති ස්වාධීන කමිටුව පැවසුවේ. කෙසේ වෙතත් වත්මන් පාලනය ක්‍රීඩක කොමිසම් සදහා නිති
කඩකරමින් ඡන්ද අයිතිය ලබාදීමට උත්සාහ කරනවා. එයට විරෝධය පලකරමිනුයි ජාත්‍යන්තර
ඔලිම්පික් කමිටුවට මෙම ලිපිය යොමුකර ඇත්තේ.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය
දයාසිරි ජයසේකර මහතා අද අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශකර සිටියේ ජාතික
ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්දය භාවිත කිරීමට හොකී සංගමයට හා බැඩ්මින්ටන් සංගමයට
ඉඩ නොදෙන ලෙස නිලවරණ කමිටුවට දැනුම්දී ඇති බවයි. නිලවරණ කමිටුවට ඇතුලත් නිලධාරීන්
තුන්දෙනාම හිටපු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරුන්. ඔවුන් රටේ නිතීය අනුව කටයුතු කළ
යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ. හොකී සංගමයට හා බැඩ්මින්ටන් සංගමයට ඡන්දය භාවිත
කිරීමට ඉඩ නොදෙන ලෙස දැනුම්දි ඇත්තේ මේ වන විට එම සංගම් ක්‍රියාකාරී නොවීම
හේතුවෙනුයි. ඒවා පාලනය කරන්නේ අතුරුකමිටු. ජාත්‍යන්තර සංගම් අතුරුකමිටු පිලිගන්නේ
නැහැ. ඒ හේතුවෙනුයි ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ. පැරැන්නන් මෙවැනි අවස්ථාවන් හැදින්වූයේ කන්න ඕනෑ වෙනකොට කබරගොයා තලගොයා වන බවයි.
No comments