තිලංගගේ කටේ පිට්ටු ?
ශ්‍රී ලංකා පන්දුවාර 20
හා එක්දින ක්‍රිකට් නිත්‍ය නායකත්වය දෙවන වරට ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවීමෙන් පසු ක්‍රීඩා කිරීමට හැකිවූයේ එක් තරගයක් පමණයි.
එතැන් සිට ඔහු බංකුවේ වත් නොසිට ප්‍රතිකාර සදහා බව පවසා යලි බංග්ලාදේශයෙන් දිවයිනට
පැමිණියා. එතැන් සිට සුක්කානම අතට ගත් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව ජයග්‍රහණයට
කැදවාගෙන ගියා. එහෙත් ඔහුට රටේ ජයතාවගෙන් මිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශංසාවක්
හිමිවූයේ නැහැ. සාර්ථක බංග්ලාදේශ සංචාරයෙන් පසු පැවැත්වූ මාධ්‍යහමුවේදී ශ්‍රී
ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රශංසාවක් සිදුකළේ නැහැ. ඒවෙනුවට ඔහු
කියා සිටියේ ඇන්ජලෝ මැතිව්ස් නිත්‍ය නායකයා ලෙස තවදුරටත් කටයුතු කරන බවයි. නිදහස්
කුසලානයේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට යලිත් එක්වනු ඇතැයිද ඔහු පැවසුවා. එහෙත්
චන්දිමාල් අවශ්‍යම මොහොතේ බර කරට ගෙන නායකත්වය ලබාදීම ඇගයීමට ලක්වුනේ නැහැ.
අවසානයේදී නිදහස් සටනත් සිදුකිරීමට වූයේ චන්දිමාල්ටයි.
මේ අතර පසුගිය කාලයේ
අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල බංග්ලාදේශ සටනට නම් නොකළ ලසිත් මාලිංග සමග සමගින්
සංචිතයෙන් දොට්ට ගොස් තිබෙනවා. ඒ වෙනුවට කලක් ආබාධ හේතුවෙන් ඉවත්ව සිටි නුවන් ප්‍රදීප්
සහ සුරංග ලක්මාල් කණ්ඩායමට එක්ව සිටිනවා. සංචිතය මෙසේයි.
1. Dinesh Chandimal - Captain
2. Upul Tharanga
3. Danushka Gunathilaka
4. Kusal Mendis
5. Dasun Shanaka
6. Kusal Janith Perera
7. Thisara Perera
8. Jeewan Mendis
9. Suranga Lakmal – Vice Captain
10. Isuru Udana
11. Akila Dananjaya
12. Amila Aponso
13. Nuwan Pradeep
14. Dushmantha Chameera
15. Dananjaya De Silva
No comments