ක්‍රිකට් බලධාරීන් නිරෝෂන් පාදුක්කගේ කටත් වසයි
පසුගිය දිනවල රජයේ හා ක්‍රිකට් ආයතනයේ දූෂණ හා වංචා හෙළිදරව් කළ නිරෝෂන් පාදුක්කගේ කට වැසීම සඳහා ක්‍රිකට් ආයතනය සුපුරුදු උසාවි නියෝගය අරන් තිබෙන බව වාර්තා වෙනවා.
නඩු වෙනුවෙන් ආයතනයේ මුදල් කෝටි ගණන් වියදම් කරන ක්‍රිකට් බලධාරීන් මීට පෙර හේෂා විතානගේ මන්ත්‍රී වරයාගේද කට වැසීම සඳහා මෙවැනිම වාරණ නියෝගයක් ගෙන තිබෙනවා.
ඊට පෙර ක්‍රිකට් බලධාරීන්ගේ වංචා දූෂණ හෙළිදරව් කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම විරුද්ධව පැවරූ නඩු තවමත් විභාග වන අතර සෙසු මාධ්‍යකරුවන් මුදලට ගෙන තිබීමෙන් ඔවුන්ද නිහඬ කර තිබෙනවා.
රටේ දූෂිතම ආයතන වලින් එකක් වන ක්‍රිකට් ආයතනයට රැකව නම් ඔවුන්ගේ පඩි ලැයිස්තුවේ සිටින ලෝයර් කෙනකු හරහා නඩුකාරයන්ද මුදලට ගැනීමේ හැකියාවක් තිබෙන බව වාර්තා වෙනවා.මේ සඳහා ඔහු හිටපු උසස් නඩුකාරයකු වන තම පියාගේ නම කිසිදු හිරිකිතයකින් තොරව උපයෝගී කර ගන්නා බවත් අප වෙත වාර්තා වෙනවා.
තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ක්‍රිකට් ආයතනය පිරිසිදු කරන බව කියමින් බලයට ආ මාලිමා රජයද මේ දක්වා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන්ද සාගලලා, හරීන්ලා ,නාමල්ලා මෙන් ක්‍රිකට් ආයතනයේ මුදලට යට වී ඇති නිසාද යන්න ක්‍රිකට් ප්‍රේමීන්ගේ බලවත් සැකයට හේතුවී තිබෙනවා.
No comments