• Breaking News

    සුරංගට උප නායකත්වය දුන්නු හේතුව

    බංග්ලාදේශය  සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නම් කලා. මෙම සංචිතයේ උප නායකත්වය ලබා දී ඇත්තේ සුරංග ලක්මාල්ට. රංගන හේරත් සිටියදී සුරංගට උප නායකත්වය ලබාදීමට හේතුවී ඇත්තේ ශරීර යෝග්‍යතාවයි. රංගන ඉන්දීය සංචාරයේදීත් ආබාධවලින් බේරීම සදහා බොහෝ උත්සාහ ගත්තා. කෙසේ වෙතත් පාකිස්ථාන මෙන්ම ඉන්දීය ටෙස්ට් තරග ජයග්‍රහනයට ගෙන ගිය ක්‍රීඩකයා වූයේ සුරංග ලක්මාල්. ඊට උප නායක්වය ලබා දී දැක්වූ දක්ෂතා අගය කිරීම පැසසිය යුතුයි. ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මෙම නම් කිරීමට හේතුවී තිබෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 31 වැනිදා ආරම්භවීමට නියමිතව ඇති අතර 02 වන තරගය පෙබරවාරි මස 08 වැනිදායි. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙසේයි.



    No comments