• Breaking News

    පාපැදියට හුලං ගහන්න යන කෙනා

    ජාතික පාපැදි සංගමයේ සභාපති ලෙස නවරත්ත රාජා කරුණාරත්න මහතා තේරී පත්වුණා. ඔහු සමග දෙදෙනෙක් තරගයට ඉදිරිපත්ව සිටියා. විල්මන් පෙරේරා සහ එම් එස් බණ්ඩාරයි. කෙසේ වෙතත් අවසන් මොහොතේ විල්මන් පෙරේරා ඉල්ලා අස්වුණා. මේ අනුව පැවති ජන්ද විමසීමේදී ජන්ද 75 ක් කරුණාරත්න ලබා ගත් අතර ජන්ද 48 ක් පමණයි බණ්ඩාරට ලබා ගත හැකිවුනේ. මේ අතර ලේකම් ලෙස නිතරගයෙන් නිහාල් කුලසේකර පත්වුණා.
    නිලවරණයේදී උප සභාපතිවරයකු ලෙස නිෂාන්ත පියසේන මහතා තේරී පත්වුණා. ඔහු නූතන පංච ප්‍රයාම සංගමයේ සභාපතිවරයායි. හිටපු පාපැදි සංගමයේ ලේකම්වරයකු වනවා. ඔහු නිලවරණයේදී පෙනී සිටියේ පරාජයට පත්වූ බණ්ඩාර දිනවීම සදහායි. කෙසේ වෙතත් නිෂාන්ත පියසේන මහතාට සභාපති වූ කරුණාරත්න මහතාගේ ආධාරකරුවන්ද ජන්දය ලබාදීම කැපීපෙනෙනවා. ඔහු ජන්ද 60 ක් ලබාගත්තා.

    නව නිලධාරී මඩුල්ලට විශාල වගකීමක් තිබෙනවා. ඒ කඩා වැටී ඇති ක්‍රීඩාව යලි ගොඩනැගීම සදහායි. නිෂාන්ත මහතා නව සංගමයක් වුවත් නූතන පංචප්‍රයාම සංගමය යටතේ ජාතික තරගාවලි දෙකක් පසුගිය වසරේදී සිදුකළා. ඉන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් අතරට පැමිණ සිටිනවා. දැන් පාපැදියට හුුලං ගැසීමට ඔහුට සභාපති ඇතුලු නඩය මෙහෙයවීමට විශාල වගකීමක් තිබෙනවා. එය ඔහු ඉටු කරන්නේද නැද්ද යන්න දෙස අප ඇතුලු බෙහෝ දෙනෙකු බලා සිටින බව කිව යුතුයි. 2010 වසරෙන් පසුයි නිෂාන්ත යලිත් පාපැදි සංගමයේ තනතුරක් භාර ගෙන ඇත්තේ. ඔහු සිටි අවධියෙන් පසු පාපැදි තරගාවලි රැසක් පැවැත්වුනේ නැහැ. කරුණාරත්න මහතාට ක්‍රීඩා අමාත්‍යවරයාගේද සහය ලබා ගෙන පාපැදිය නව මුහුණුවරකට ගෙන යා හැකියි.

    No comments