• Breaking News

    බංග්ලාදේශය දණගහයි - හතුරුසිංහ ජාමේ බේරාගනී

    බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සත්කාරක බංග්ලාදේශය සමග පැවති අවසන් මූලික වටයේ තරගයෙදී කැපී පෙනෙන ජයග්‍රහනයක් වාර් ථා කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනා බංග්ලාදේශය පලමුව පන්දුවට පහරදීමට තීරණය කළා. කණ්ඩායමේ තීරණයට සාධාරණයක් කිරීමට කිසිදු ක්‍රීඩකයකු සමත්වුයේ නැහැ. පන්දු යැවීමේදී මෙන්ම පන්දු රැකීමේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තත්වයට පැමිණ සිටියා. මේ හේතුවෙන් පන්දුවාර 24 ක් අවසානයේ සියල්ලන් දැවී බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ලකුණු 82 ක් පමණයි.
    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී ජයග්‍රහනය ලබා ගත්තා. ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 35 යි. උපුල් තරංග නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තා. ජයග්‍රහනයට ශ්‍රී ලංකාව වැය කළේ පන්දුවාර 11 කුත් පන්දු 05 ක් පමනයි. තරගය ජයග්‍රහණයට කැදවාගෙන යාමට පන්දුවෙන් දස්කම් දැක්වූ සුරංග ලක්මාල් තරගයේ වීරයා බවට පත්වුණා. මෙම ජයග්‍රහනයත් සමගින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. බංග්ලාදේශය සමගින් අවසන් මහා තරගය ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මූලික අධියරේ තරග වලදී සිම්බාබ්වේ සහ බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වුණා. අනතුරුව බොහෝ දෙනෙකු මත පළකළේ චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරුවූවා කියා කිසිවක් සිදු නොවූ බවයි. එවන් වටපිටාවක මෙවන් ජයග්‍රහණයක් කරා

    ශ්‍රී ලංකාව ගමන් කිරීම පැසසිය යුතු වන්නේ චන්දික හතුරුසිංහ මහතාටයි. ඒ ඔහුගේ සැලසුම් මත මෙම විප්ලවය සිදුවීම හේතුවෙන්. චන්දික හතුරුසිංහ මහතානෙනි ඔබට අපගේ උත්තමාචාරය !

    No comments