• Breaking News

    ජාතික ඔලිම්පික් කමිටුව නා ගනී

    ජාතික ජාතික ඔලිම්පික් කමිටුව හිටි හැටියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය සියලු මාධ්‍ය වෙත නිකුත්කිරීම විශේෂත්වයක්. මීට පෙර අවස්ථා දෙකකදී හිතවත් ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍ය වේදීන් හා දමිල පුවත්පත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ආරාධනා කර රාත්‍රී සාද පැවැත්වීමට කටයුතු කළේ ජාතික ඔලිම්පික් කමිටු වත්මන් ලේකම්වරයා හා ඔහු බලයට ගෙනෙන්නට සිහින දකින පුද්ගලයන් බව නොරහසක්. ඇත්ත හෙලිවීම වැලැක්වීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් සිංහල පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් බොරුව වැපිරීමට උදව් ඉල්ලමින් සිටිනවා. පහත පළවන්නේ ජාතික ඔලිම්පික් කමිටුව නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයයි.

    ක‍්‍රීඩකයින්ගේ කමිටුව සහ ඊට අදාල ඡන්ද විමසීම පිළිබඳ මාධ්‍ය වෙත වැරදි වාර්තා කිහිපයක් ඉදිරිපත් කර තිබූ බව දක්නට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් නිවැරදි කරුණු ඔබ වෙත ඉදිරිපත් කිරීම වඩා සුදුසුයැයි සිතමි.

    2008, 2012 සහ 2016 වසර වලදී පැවැත්වූ ඔලිම්පික් තරගාවාලීන්ගෙන් අවම වශයෙන් එක් තරගාවලියකට හෝ සහභාගී වී ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් තුන්දෙනෙක් සහ ජාතික ශූරතාවලියේ සිට ලෝක ශූරතාවලිය දක්වා තිබෙන තරගාවලීන් එකක් සඳහාවත් අවම වශයෙන් සහභාගී වී ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් දෙදෙනෙක් හට ක‍්‍රීඩකයින්ගේ කමිටුවේ සාමාජිකත්වය පිරිනැමීම සඳහා වන ඡන්ද විමසීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකමි එස්. රනුග්ගේ මහතාගේ අධීක්ෂණය යටතේ ජාතික ඔලිම්පික් කමිටුවේදී ජනවාරි මස 17 වැනි දින පැවැත්විනි. 

    ක‍්‍රීඩකයින්ගේ කමිටුව සඳහා ඡන්දය පවත්වන ආකාරය පිළිබඳ ජනවාරි මස 04 වන දින ජාතික ඔළිම්පික් කමිටුවෙහි පවත්වන ලද විශේෂ මහා සභා රැස්වීමේදී සියලූ සාමාජිකයින් දැනුවත් කරන ලදී. ක‍්‍රීඩකයින්ගේ කමිටුවට සාමාජිකයන්ගේ නාමයෝජනා ලබා දෙන ලෙස සියලූම සංගම් දැනුවත් කර තිබිණි. එසේම, ක‍්‍රීඩකයින්ගේ කමිටුවෙහි තනතුරු සඳහා නාමයෝජනා ජනවාරි මස 15 වන දිනය අවසන් වීමට ප‍්‍රථම ජාතික ඔලිම්පික් කමිටුව වෙත භාරදෙන ලෙස ද සියලූ සංගම් දැනුවත් කරන ලදී. 

    එවැනි පසුබිමකදී, මළල ක‍්‍රීඩා සංගමය විසින් ක‍්‍රීඩක සුමේධ රණසිංහ මහතාගේ නාමයෝජනාව ජාතික ඔලිම්පික් කමිටුව වෙත නියමිත කාලයේදී භාරදී නොතිබූ අතර, ජනවාරි 16  වන දින උදෑසන 9.45ට පමණ එය භාරදීමට කටයුතු කර ඇත. ඒ වන විටත් නාම යෝජනා භාරදීම සඳහා ලබා දී තිබූ කාලය (deadline) අවසන් වී තිබූ බැවින් ජාතික ඔලිිම්පික් කමිටුව විසින් එම නාම යෝජනා පත‍්‍රය භාරගැනීම ප‍්‍රතික්ෂේප කරන ලදී. 

    මළල ක‍්‍රීඩා සංගමයේ නොසැලකිලිමත්කම මත ඔවුන්ගේ නාමයෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමේ මෙම සත්‍ය හේතුව වසන් කර ඊට අදාල කරුණු පසෙකලා, වැඩිම ඔලිිම්පික් සහභාගීත්වය තිබෙන ක‍්‍රීඩා සංගමයට එදිරිවාදීකම් කර ඇතැයි යන වැරදි අදහසක් සන්නිවේදනය කරමින් සිටියි. කෙසේ නමුත්, ඔවුන්හට එක් සංගමයකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකු යෝජනා කළ හැකි අතර ක‍්‍රීඩක සුෙමිධ රණසිංහ මහතාට අමතරව 2008, 2012 සහ 2016 වසර වලදී ඔලිම්පික් ක‍්‍රීඩා තරගාවලියට සහභාගී වූ සොනාලි මෙරිල්, නදීකා ලක්මාලි, ගීතානි රාජසේකර යන ක‍්‍රීඩිකාවන්ගේ නම් යෝජනා කිරීමට හැකියාව තිබුන ද ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුණේ ඔලිම්පික් වරමි නොලද ක‍්‍රීඩිකාවකගේ නාමයෝජනාවකි. එලෙසම වෙබි තැබීමේ සංගමය විසින්ද ඔලිිම්පික් ක‍්‍රීඩක මංගල සමරකෝන් හෝ ඊ.එම්. සේනානායක ක‍්‍රීඩකයින්ගෙන් කෙනෙකුගේ නාමයෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී ඔළිම්පික් වරමි නොලද ක‍්‍රීඩකයකුගේ නාමයෝජනාවක් ඉදිරිපත් කර තිබුනි. එලෙසම ජනවාරි මස 17 වන දින පැවැත්වූ රැස්වීමේදී සුෙමිධ රණසිංහ ක‍්‍රීඩකයා ඊට සහභාගී වී සිටි අතර ඔහුගේ නාමයෝජනාව ප‍්‍රතික්ෂේප වීම පිළබඳව කිසි විරෝධතාවක් එදින ඉදිරිපත් නොකළේය. වෙඩි තැබීමේ සංගමයේ ක‍්‍රීඩක ගාමිණි වල්ගම විසින් ඒ පිළිබඳ ප‍්‍රශ්න ඉදිරිපත් කරන ලද අතර ඒ පිළබඳ පැහැදිලි කීරීමක් එදින ම ඉදිරිපත් කරන ලදී.

    එබැවින් ක‍්‍රීඩකයින්ගේ කමිටුවට 2008 - 2016 කාලපරාසයේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ නාමයෝජනා තුනට නිතරගයෙන් නිලූක කරුණාරත්න (බැඞ්මින්ටන්), රෙශිකා උඩුගමිපල (පිහිනුම්), චාමර නුවන් (ජූඩෝ) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තේරී පත් වූ අතර අනෙක් තනතුරු දෙක සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත‍්‍ර 15ක් පදනම් කරගෙන පැවැත්වූ ඡුන්ද විමසීමෙන් අනතුරුව මේස පන්දු ක‍්‍රීඩිකා ඉෂාරා මදුරන්ගි සහ බර ඉසිලීමේ ක‍්‍රීඩිකා චමරි වර්ණකුලසූරිය වැඩි ඡුන්දයෙන් තේරී පත්විය.

    2017 ජනවාරි මස 17 වන දින ඉතා සාමකාමී ලෙස පැවති ඡන්ද විමසීම මෙසේ නිමා වූ අතර ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පමණක්  විරෝධතා පත‍්‍රිකාවක් අත්සන් කොට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙත යවා ඇත. මෙය ද ක‍්‍රීඩාවට ආදරය කරන්නන්ගේ සංගමය යැයි පවසමින් ක‍්‍රීඩා සංගම් අතලොස්සක් සම`ග එක් වී ජාතික ඔලිිම්පික් කමිටුවේ වර්තමාන පාලනයට විරුද්ධව බලය ලබා ගැනීමේ ආශාවෙන් කටයුතු කරන්නන්ගේ සංගමයේ ජනතාව හා ක‍්‍රීඩා ලෝලීන් නොමග යැවීමේ උපක‍්‍රමයක කොටසක්ම බව පැවසීමට කැමැත්තෙමි. එම ක‍්‍රීඩා සංගම් කිහිපයක එකතුවේ සංගමයේ දැක්මට අනුව, ඔවුන් විසින් සිදුකරන සියලූම ක‍්‍රියාවන් නිවැරදි වන අතර ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන පාලකයින් විසින් සිදු කරන සියලූම ක‍්‍රියා වැරදිය. ඔවුන් හට ඡුන්ද බලයක් ලැබෙන දෙයක් නම් එය නිවැරදිය. එය ක‍්‍රීඩාෙවි දියුණුව වෙනුවෙන්ය. ඡුන්ද බලය නොලැබෙන දෙයක් නම් එය මහා ප‍්‍රශ්නයකි., මුළු රටෙහිම ක‍්‍රීඩාවට බාධාවකි., නිවැරදි ප‍්‍රතිපත්තීන් වලින් පිටය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 45 දෙනෙකු සහභාගීත්වයෙන් පවත්වන ලද ක‍්‍රීඩකයින්ගේ කමිටු රැස්වීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පස් දෙනෙකුගේ අත්සන සහිත ලිපියක් ජාත්‍යන්තරයට ඉදිරිපත් කර මාධ්‍යයට මහා නාට්‍යයක් ර`ග දැක්වීම මගින්ම ඔවුන්ගේ ක‍්‍රියාකලාපය කුමක්දැයි මහජනතාවට දැකගත හැකිය.



    No comments