• Breaking News

    හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 14 කට සල්ලි බෙදයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 14 දෙනෙකු මෙවර වාර් ශික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුලත් කර තිබෙනවා. මෙම ක්‍රීඩකයින් තෝරාගෙන ඇත්තේ කුමන පදනමක් යටතේද යන්න ප්‍රශ්නයක්. මෙරට අනාගත ක්‍රිකට් සංවර් ධනයට ඇති මුදල් මෙලෙස හිටපු ක්‍රීඩකයන් වෙනුවෙන් වැට කරන්නේ කුමන පදනමක් යටත්ද ? වාර් ශික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුලත් වන ක්‍රීඩකයින්ට වාර් ශිකය මුදල් ලබාදෙනවා. ඊට අමතරව වරප්‍රසාධ රැසක් ඇති බව නොරහසක්. ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙනවා.
    මාධ්‍ය නිවේදනය

    24-01-2018

    දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් සියයකට අධික පිරිසක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට.

    දේශීය ක්‍රිකට් තරගාවලියන්ට 2017 - 2018 ක්‍රිකට් වාරයේ සහභාගි වන පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියයකට අධික පිරිසක් කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

    මේ කොන්ත්‍රාත් ගිවිසුම් සහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන මුදල ලක්ෂ 850කි.  කොන්ත්‍රාත් ගිවිසුම් සහා ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරය සහභාගි වූ ක්‍රීඩකයන් අතුරිනි.

    කොන්ත්‍රාත්තු අත්සන් තැබීමට ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ පහත අන්දමටය. 

    2016-2017 ක්‍රිකට් වාරයේ ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් විස්සක් සහ දේශීය තරගාවලියන්ට සහභාගි වී උසස් දස්කම් පෙන්වීමට දිරිගැන්වීමක් ලෙස නැගී එන ක්‍රීඩකයන් විසිතුනක් ද මීට ඇතුළත්ය.  ඊට අමතරව අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් විසි නවයකටත් හිටපු ජාතික ක්‍රීඩකයන් දාහතරකටත් වත්මන් ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවලට අයත් නොවන එහෙත් මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දාහතකටත් නව කොන්ත්‍රාත්තු පිරි නැමීමට කටයුතු යොදා තිබේ. 

    ක්‍රීඩකයන් 103ක ට මේ ප්‍රතිපාදන ලබාදෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජවලින් පිරිනැමෙන දීමනා වලට අමතරවය. 

    මාධ්‍ය ඒකකය - ශ්‍රී ලංකා ක්‍රිකට්





    No comments