NOC ලක්ෂ 200 ක් අතුරුදන්
ජාතික ඔලිම්පික් කමිටුවේ
සභාපති අපේක්ෂක ලෙස ජාතික ටෙනිස් සංගමේ හිටපු සභාපතිවරයකු ගෙන ඒමේ සූදානමක්
තිබෙනවා. සුරේෂ් සුභ්‍රමනියම් නම් මෙම පුද්ගලයා කිසිවක් ටෙනිස් සංගමයේ දියුණුවට
සිදු කළ අයෙකු නොවේ. ඔහු පිටුපස සිටින්නේ වත්මන් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති
හේමසිරි ප්‍රනාන්දු සහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුවන් බව රහසක් නොවේ. මේ
සුභ්‍රමනියම් නැමැත්තා පසුගියදා රාත්‍රී සාදයක් පවත්වා ඇත්තේ සිය ජයග්‍රහනයට පෙර
සූදානමක් ලෙසයි.
මෙම සාදයට මාධ්‍යවේදීන්
කිහිප දෙනෙකු එක්ව ඇත්තේ විශේෂ ආරාධනයකට අනුවයි. එලෙස ආරාධනා ලැබ ඇත්තේ ඉංග්‍රිසි
පුවත් පත් පිටු පුරවන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පමණයි. ජාතික ටෙනිස් සංගම්
මූලස්ථානයේ පැවති මෙම සාදය පරාජයට පාරකැපූවක් බවයි බෙහෝ දෙනෙකු පවසන්නේ. ජාතික
ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ක්‍රීඩා සංගම් සහය ලබා ගැනීමට පෙර මාධ්‍යවේදීන්ගේ
සහය ලබා ගත යුතුයි. මෙම සාදයෙන් සිදුව ඇත්තේ සිංහල පුවත් පත් මෙන්ම අනෙකුත් සිංහල
මාධ්‍යවේදීන් තරහ කර ගැනීමයි.
ජාතික ජාතික ඔලිම්පික් කමිටුවේ
ලේකම්ට මුදල් අවභාවිතා කිරීම හා නිලබලය අවභාවිත කිරීමේ චෝදනා එල්ලවීමට වැඩි කාලයක්
නොයනු ඇති. ඒ මෙම සාදයේදී බළලා මල්ලෙන් එලියට පැන්න නිසයි. එහිදී සුභ්‍රමනියම්
පවසා ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ නොමැති මිලියන ගණනක් වටිනා ගෘහස්ථ ටෙනිස් ක්‍රීඩා
පිටියක් ඉදිකිරීමට කටයුතු කරන බවයි. 2013 / 2014 වසරේදී හොර පාරෙන් ටෙනිස් සංගමයට ඩොලර්
ලක්ෂයක් සහ වසර තුනක් ඇතුලත ඩොලර් තිස්දාහක මුදලක් ලබාදීමට වත්මන් ලේකම්
මැක්ස්වෙල් ද සිල්වා කටයුතු කර ඇත්තේ ටෙනිස් සංවර් ධන සැලැස්මට බව පවසමිනුයි. එය මඩකලපුවේ සිදුකිරීමට ජාත්‍යන්තර
ඔලිම්පික් කමිටුව මුදල් ලබා දී ඇතත් මෙතෙක් එවැන්නක් සිදුව ඇත්දැයි ප්‍රශ්නයක්.
කොළඹවත් ටෙනිස් ව්‍යාප්තව නැති පරිසරයක රුපියල් ලක්ෂ 200 වැයකර මඩකලපුවේ මඩ වලක්
හෑරුවේද ? නැත්නම් මඩ වලක් ගොඩ කලේද ? මඩකලපුවේ සංවර්ධන
සැලැස්ම රටට හෙලිකර FCID නොයෑමට රටෙන් සමාව
ඉල්ලීමට වත්මන් සභාපති හා ලේකම් කටයුතු කළ යුතුයි.
No comments