ශ්‍රී ලංකා රග්බි අනාගතයට දැඩි ප්‍රහාරයක්
2018 වයස 19 න් පහළ ලෝක
කුසලාන රග්බි තරගාවලියට සිදුසුකම් ලැබීමේ තරග මේ දිනවල පැවැත්වෙනවා. එහි කුසලාන
ශූරතාවයට සිදුසුකම් ලැබීමේ තරගාවලියයේ තවත් තරගයක් ශ්‍රී ලංකාව හා හොංකොං අතර
පැවැත්වුණා. පළමු අර්ධය නිමාවන විට ශ්‍රී ලංකා වයස 19 න් පහළ රග්බි කණ්ඩායම හොංකොං
වයස 19 න් පහළ කණ්ඩායමට දැඩි තරගයක් ලබා දුන්නා. ලකුණු පුවරුව කියවුනේ ලකුණු 22 ට
03 ක් ලෙස හොංකොං කණ්ඩායම පෙරමුණ ගනිමිනුයි.
දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව උත්සාහක දිනුමක් වාර්ථා කළා. මේ අනුව තරගය නිමිවුනේ
ලකුණු 37 ට 8 ක් ලෙස ජයග්‍රහනය හොංකොං කණ්ඩායමට හිමිවෙමිනුයි. මෙම තරගය පැවැත්වුනේ
කොළඹ තුරග පිටියේදී. දෙරට අතර මීලග
සුුදුසුකම් ලැබීමේ තරගය ලබන 16 වැනිදා හොංකොං හිදී පැවැත්වීමට නියමිතයි.
No comments