මොහාන්ව දොට්ට දාපු සැගවුණු හේතුව
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ඒ තිලංග සුමතිපාල මහතාගේ
බලපෑමට අනුවයි. ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්ව සිටින කණ්ඩායම ශ්‍රී
ලංකාවෙන් පිටත්වීමට ගොස් ඉතිහාසයේ පළමුවරට දැඩි අපහසුතාවට පත්වුණා. ඒ ගුවන් යානයට
නැග සිටියදී පවා අනුමැතියක් නොමැතිව විදෙස් ගතවීමට කණ්ඩායම උත්සාහ කරන බව පවසා නැවත හැරී ඒමට සිදුවීමයි. මෙම සිදුවීමට වගකිව යුත්තේ
ලේකම්වරයායි. මේ හේතුවෙනුයි ඔහුට සිය තනතුර අහිමිවී ඇත්තේ.
කෙසේ වෙතත් මොහාන් ද
සිල්වා මහතාව ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරවකු ලෙස පත්කර තිබෙනවා. ඒ බොහෝ කලකට පෙර
එම තනතුරෙන් ඉල්ලා අස්වූ ජයන්ත ධර් මදාස
මහතා වෙනුවටයි. ජාත්‍යන්තර ක්‍රිකට් භාරව සිටියේ ජයන්තයි. දේශීය ක්‍රිකට් භාරව
කටයුතු කලේ උප සභාපති කේ මතිවානන් මහතායි. ඔහු කලුතර සහ පානදුර ක්‍රීඩා සමාජ දේශිය
ක්‍රිකට් තරගාවලියේ සිදු කළ පවාදීම පිලිබද දැඩිව කටයුතු කළා. පානදුර ක්‍රීඩා
සමාජයේ ක්‍රීඩකයින් තහනමට ලක්කිරීමටත් කටයුතු කළා. කෙසේ වෙතත් පානදුර ක්‍රීඩා සමාජය
තිලංග සුමතිපාල මහතාගේ පාක්ෂිකයින් මෙන්ම ලගම හිතවතුන්. එසේ තිබියදී කේ මතිවානන්
මහතා දඩුවම් නියම කිරීම සහ මාධ්‍යට තොරතුරු ලබාදීම තිලංග සුමතිපාල මහතාගේ නොසතුට
හේතුවුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස
ඔහුගෙන් දේශීය ක්‍රිකට් භාරකාරීත්වය ගලවා ජාත්‍යන්තර ක්‍රිකට් භාරදී තිබෙනවා.
දේශීය ක්‍රිකට් ලබාදී ඇත්තේ නවක උප සභාපති මොහාන් ද සිල්වා මහතාටයි. මෙය බොරදියේ
මාලු බෑමක් නොවේ ද ? මෙම නව තනතුරු ලබාදීම ජනවාරි 07 වැනිදා විශේෂ මහ සභා
රැස්වීමක් පවත්වා අනුමත කර ගැනීමට නියමිතයි.
No comments