• Breaking News

    විධායක කමිටු සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික ප්‍රියන්ත අල්ගම මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ඒ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා ඉල්ලා අස්වීම හේතුවෙනුයි. ජයන්ත ඉල්ලා අස්වී බෙහෝ කලක් ගත වුවත් එය පසුගිය 06 වැනිදා දක්වා පිලිගත්තේ නැහැ. එහෙත් එය පිලිගනිමින් 06 වැනිදා නව උප සභාපතිවරයකු ලෙස වත්මන් ලේකම් මොහාන් ද සිල්වා මහතාව පත්කළා. මෙම පත්කිරීමට විරෝධය පළකිරීමක් ලෙසයි අල්ගම ඉල්ලා ඇත්තේ. කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීමෙන් සිදුවූ පාඩුවක් නැහැ. හොදක් පමණයි සිදුව ඇත්තේ. ක්‍රිකට් ආයතන සේවකයින් එසේ පවසන්නේ ඔහු කම්බා හොරෙක් යැයි පවසමිනුයි. කොහොම වුවත් ඔහුගේ ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව ඉදිරියේදී තිලංගට හිතවත් අයෙකුගෙන් පුරවනු ඇති.

    No comments