• Breaking News

    ශ්‍රී ලංකාව රට හරහා දුවලා ආසියාව හොල්ලයි

    තුන්වැනි කණිෂ්ඨ ආසියානු පාසැල් රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට ඉදිරිපත් වු ශ්‍රී ලංකා කණ්ඩායම අවුරුදු 17න් පහළ බාලක බාලිකා පුද්ගල ශූරතා හා කණ්ඩායම් ශූරතාවය දිනා ගැනීමට සමත්වී තිබෙනවා. රටවල් 9කගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ඊයේ (04) හොංකොං හීදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවුරුදු 15න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටියා.
    මෙම තරගාවලියට මෙරටින් සහභාගී වූ ප්‍රථම කණ්ඩායම මොවුන් වන අතර එහි පූර්ණ ගෞරවය ගරු ක්‍රීඩා අමාත්‍ය නීතීඥ්‍ය දයාසිරි ජයසේකර මහතාට හිමි විය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
    පුද්ගල ශූරතා දිනාගත් ක්‍රීඩකයින්
    චමිඳු මඳුසංක (කෑගල්ල රන්දිවල මහා විද්‍යාලය), හර්ෂ කරුණාරත්න(වලල ඒ. රත්නායක මැදි විදුහල), සිතුම් සංජය ඩෙන්සිල් (වලල ඒ. රත්නායක මැදි විදුහල), ධම්මික විජේසූරිය(කෑගල්ල රන්දිවල මහා විද්‍යාලය), ප්‍රදීප් කුමාර(වලල ඒ. රත්නායක මැදි විදුහල), කවිෂ්ක එරංග(කලුතර බණ්ඩාරනායක මහා විද්‍යාලය)
    පුද්ගල ශූරතා දිනාගත් ක්‍රීඩිකාවන්
    චාමිනී හේරත් (වලල ඒ. රත්නායක මැදි විදුහල), ජයන්ති කරුණාරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල), ප්‍රසාන්ති රත්නායක (වලල ඒ. රත්නායක මැදි විදුහල), සුභාෂිණී ප්‍රේමරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල), ගිහාන්ති ජයසිංහ (වලල ඒ. රත්නායක මැදි විදුහල), හසන්ති මධුමාලි (මාතර සුජාතා බාලිකා විද්‍යාලය)



    No comments