චන්දිමාල්ගේ චන්ඩි පාට්
ඉන්දියාව සමග මේ දිනවල
පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ගෞරවාන්විත ඉනිමක්
බවට පත්කිරීමට නායක දිනේෂ් චන්දිමාල් කටයුතු කළා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා
පිටියට පිවිසි ඉන්දියාව පළමු ඉනිමට කඩුලු 07 ක් දැවී ලකුණු 536 ක් ලබා ගත්තා. එරට
නායක විරාත් කෝලි ලකුණු 243 ක් ඉනිමට එක්කළා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින
ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ කඩුලු 03 ක් මුලු ලකුණු පුවරුව 75 ක් වෙද්දී දැවී ගියා.
අනතුරුව පිටියේ එක්වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වත්මන් නායක දිනේෂ් චන්දිමාල්
ඉවසීමෙන් ඉනිම ගොඩනැංවූවා.
සිය 08 වන ශතකය වාර්ථා
කරමින් මැතිව්ස් ලකුණු 111 ක් ලබා සිටියදි දැවී ගියා. හුදකළා සටනක නිරතවෙමින් චන්දිමාල්
සිය 10 වන ශතකය ලබා ගනිමින් තුන්වන දිනට තරගය නතර කරන විට නොදැවී ලකුණු 147 ක්
රැස්කරගෙන සිටිනවා. මේ අනුව දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 09 ක් දැවී ලකුණු
356 ක් ලබා සිටිනවා. ඉන්දීය පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව තවත් ලකුණු 180 ක්
පිටිපසිනුයි සිටින්නේ. වායු දූෂණයට හසුවූ දිල්ලි ක්‍රිකට් ක්‍රීඩා පිටිය හෙට දිනයේ
කෙසේ හැසිරෙනු ඇත්ද ?
No comments