• Breaking News

    එක්දින සංචිතයට අලුත් මුහුණු

    ඉන්දියාව සමග තරග වැදීමට නියමිත එක්දින තරගාවලිය සදහා නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සංචිතයට නවක මුහුණු කිහිපයක් එක්වනු ඇතැයි ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කියා සිටියා. නිමාවූ පාකිස්ථාන එක්දින තරගාවලියට එක්වූ උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් / නිරෝෂන් දික්වැල්ල / ලිහිරු තිරිමාන්න / කුසල් මෙන්ඩිස් / මිලින්ද සිරිවර්ධන / චාමර කපුර / තිසර පෙරේරා  / සීකුගේ ප්‍රසන්න / නුවන් ප්‍රදීප්  / සුරංග ලක්මාල් / දුෂ්මන්ත චමීර / විෂ්ව ප්‍රනාන්දු / අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩර්සි ඇතුලත්ව සිටියා.
    නිමාවූ එක්දින තරගාවලියට ඇතුලත්ව නොසිටි ධනුෂ්ක ගුණතිලක / අසේල ගුණරත්න සහ කුසල් ජනිත් මෙවර කණ්ඩායමට එක්වනු ඇති. ඔවුන්ගේ පැමිණීම සදහා කණ්ඩායමේ ස්ථානය අහිමි වන්නේ කාටදැයි තීරණය කරන්නේ නායකයායි. තේරීම් කමිටුව එලෙස නායකයාට අවශ්‍ය කණ්ඩායම ලබාදීම සදහා ඉඩක් ලබාදීමට තීරණය කර ඇත්තේ තරගාවලියට හොදම කණ්ඩායම නම්කිරීම සදහා බවයි ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කියා සිටියේ.

    No comments