මාලින්ද අසමත් - රංගනගේ තැන වැන්ඩර්සිට
ඉන්දියාව සමග ලබන දෙවනදා
ආරම්භ වීමට නියමිත තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් රංගන හේරත්ව විවේක ගන්වා
තිබෙනවා. ඒ විවේකයක් අවශ්‍ය බව තේරීම් කමිටුවට ඔහු දැනුම්දීම හේතුවෙනුයි. මේ අනුව
රංගනගේ තැන ලබාදෙන පන්දු යවන්නා තෝරාගෙන ඇත්තේ නිසි ක්‍රමවේදයට අනුවයි. ජෙෆ්රි
වැන්ඩර්සි සහ මාලින්ද පුෂ්පකුමාර පිලිබද මේ වෙනුවෙන් තේරීම් කමිටුවේ අවධානය යොමුව
තිබෙනවා. ඒ අනුව පැවැත්වූ ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇත්තේ ජෙෆ්රි වැන්ඩර්සි පමණයි. මාලින්ද එහිදී අසමත්ව තිබෙනවා. මේ අනුව ජෙෆ්රි වැන්ඩර්සි ඉන්දියාව බලා
අද දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ ටෙස්ට් තරගයට එක්වීමේ බලාපොරොත්තු ඇතිවයි.
No comments