නෙට්බෝල් කෙහෙවලු පැටලේ
ජාතික නෙට්බෝල්
පුහුණුකාරිය තේරීමේ කටයුතු අවුල් වියවුල් මැද මේ දිනවල සිදුවනවා. බෘෘනායි ජාතික නෙට්බෝල් පුහුණුකාරිය වන තිලකා ජිනදාස ශ්‍රී
ලංකා ජාතික නෙට්බෝල් පුහුණුකාරිය ලෙස පසුගියදා නම් කළා. එහෙත් මෙම පත්කිරීම
අභියෝගයට ලක්කරමින් පුහුණුකාරියන් දෙදෙනෙකු මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශයට
අභියාචනා ගොනුකර තිබෙනවා. මේ අනුව ජාතික නෙට්බෝල් පුහුණුකාරිය තේරීමේ කටයුතු අවුල්
වියවුල් රැසකට ගොදුරුවී ඇතැයි සදහන්.
හිටපු ජාතික පුහුණුකාරිය
හයිසින්ත් විජේසිංහ සහ නාවික හමුදා පුහුණුකාරිය සුමිතා කුමාරි ක්‍රීඩා අමාත්‍යාංශයට
අභියාචනා ගොනුකර ඇති දෙදෙනෙක්. මෙම අභියාචනාවන්ගේ තීරණය හෙට ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදෙනු
ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලිබදවත් මෙවැනි තත්වයක් පැවතුනේ නම් චන්දික හතුරුසිංහ
මහතාට යලිත් අපේ රටේ ක්‍රිකට් කිසිදා භාර ගැනීමට නොලැබෙනු නොඅනුමානයි. මෙම
පත්කිරීම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ස්වාධීනව ක්‍රීඩා සංගම්වලට ලබා
ගත හැකිවිය යුතුයි.
No comments